General26 April 2022

විදේශිකයන්ට වසර 10ක දීර්ඝ කාලීන වාස වීසා

වාණිජ බැංකුවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් ලක්ෂයක් තැන්පත් කරනු ලබන විදේශිකයන්ට වසර 10ක වාස වීසා නිකුත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

රන් පරාදීස වීසා වැඩසටහන ලෙස එය නම් කර ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා ප්‍රකාශ කළේ.

එමෙන්ම, ස්වාධිපත්‍ය දේපළවල අවම වශයෙන් ඇමරිකානු ඩොලර් 75,000ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කරන විදේශිකයින්ට විදේශීය සමාගම්වල අධ්‍යක්ෂවරුන්ට ඔවුන්ගේ කාලත්‍රයින්ට සහ යැපෙන්නන්ට අවුරුදු 5 සිට 10 දක්වා දීර්ඝ කාලීන වීසා නිකුත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

අද (26) පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකාච්ඡාවේ දි මේ බව ප්‍රකාශ වුණේ.

මේ අතර, තෝරාගත් ක්ෂේත්‍රවලට අවශ්‍ය ඉන්ධන තනි තනි ව ආනයනය කිරීමට අවසර ලබාදීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදන පනත සංශෝධනය කිරීමට ද අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

තව ද මෙරට රැඳී සිටින රුසියානු සහ යුක්‍රේන සංචාරකයන්ගේ වීසා කාලය ගාස්තු අය කිරීමකින් තොර ව තවත් මාස දෙකකින් දීර්ඝ කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වූ බව සඳහන්.
Related recommendation
Hiru TV News | Programmes