General02 June 2022

අනුර දිසානායක සහ චීන තානාපති අතර හමුවක්

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති කිව් ෂෙන්හොං (Qi Zhenhong) අතර හමුවක් සිදුව තිබෙනවා.

අද (02)දින පස්වරුවේ එම හමුව සිදුවුයේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදීයි.

රටේ පවතින ආර්ථික අර්බුදය සහ දේශපාලන තත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්වූ අතර පක්ෂ අතර සහයෝගීතාවය වර්ධනය කර ගැනීම පිළිබඳවද අවධානය යොමු කර තිබෙනවා.

මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් සහ චීන තානාපති කාර්යාලයේ දේශපාලන අංශ නිලධාරින් දෙදෙනෙක් ද එක් වුණා.
Related recommendation
Hiru TV News | Programmes