General06 June 2022

ඇමති ප්‍රසන්න කප්පම් ඉල්ලූ නඩුවක වැරදිකරු ලෙස තීන්දු වෙයි (වීඩියෝ)

ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64 ක මුදලක් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණයේ පවර තිබූ නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ඒ සඳහා චෝදනා ලබා සිටි අමාත්‍ය ප්‍රසන්න රණතුංග එම චෝදනාවට වැරදිකරු බව කොළඹ මහාධිකරණ විනිසුරුවරයා තීන්දු කර තිබෙනවා.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් කොළඹ විනිසුරුවරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග ට වසර දෙකක සිර දඬුවමක් පනවා එය වසර 5කට අත්හිටවනු ලැබුවා.

මීට අමතරව මෙම ව්‍යාපාරිකයාට තර්ජනය කිරීම් සම්බන්ධයෙන් චෝදනාවට වරදකරු වීම හේතුවෙන් ඔහුට රුපියල් මිලියන 25ක දඩ මුදලක් ද නියම කෙරුණා.

කොළඹ මහාාධිකරණය ඉදිරියේ මෙම නඩුව පවරා තිබුණේ 2015 වසරේ අප්‍රේල් මස 6 වන සහ ජූනි මස 2 වන දා අතර තුර දී කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ පිහිටි ඉඩමක පදිංචිව සිටි අනවසර පදිංචිකරුවන් පිරිසක් ඉවත් කර එම ඉඩම ගොඩ කිරීමට අවශ්‍යක ටයුතු ඉටු කර දීම සඳහා පහසුකම් සැලසීම යන චෝදනාව යටතේයි.

මෙහිදී එවකට බස්නාහිර පළාත් ‍ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග ජෙරාඩ් මෙන්ඩිස් නමැති ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා සිටි බවට චෝදනා කර තිබුනා.

එවක බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ප්‍රසන්න රණතුංග, ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ නරේෂ් ෆාරික් යන අයට එරෙහිව ඉකුත් යහපාලන රජය සමයේ නීතිපතිවරයා විසින් මෙම නඩුව මහාධිකරණය හමුවේ ගොනුකර තිබුනා.

මෙහිදී කොළඹ මහා මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න තීන්දු කළේ, ව්‍යාපාරිකයෙකුට තර්ජනය කර රුපියල් මිලියන 64ක මුදලක් ලබා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග එක් චෝදනාවකට වරදකරු ලෙස නම් කිරීමටයි.

ඒ අනුව, පොරොන්දු නෝට්ටුවක් අත්සන් කර ගත් බවට වන චෝදනාව සඳහා අමාත්‍ය ප්‍රසන්න රණතුංග වරදකරු ලෙස නම් කෙරුනා.

මෙම නඩුවේ පැමිණිල්ලේ හා විත්තියේ සාක්ෂි මීට පෙර අවසන් කර එහි තීන්දුව අද දිනට ලබා දීමට නියම වී තිබූනා.

Related recommendation
Hiru TV News | Programmes