General21 June 2022

විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් රුසියානු තානාපති හමුවෙයි (ඡායාරූප සහ වීඩියෝ)

මේ වන විට ශ්‍රී ලංකාවට දැඩි ව අවශ්‍ය ව තිබෙන ඉන්ධන, ගෑස්, පොහොර හා ගල්අඟුරු රුසියානු සමූහාණ්ඩුවෙන් ලබා ගැනීමට තිබෙන හැකියාව පිළිබඳ විමසා බැලීමට විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති යූරි මැටෙරි හමු වී තිබෙනවා.

ඒ, අද (21) කොළඹ පිහිටි ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ දී.

ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ, ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, වාසුදේව නානායක්කාර, පිවිතුරු හෙළ උරුමයේ නායක, උදය ගම්මන්පිල, ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම්, මහාචාර්ය තිස්ස විතාරණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් විශේෂඥ වෛද්‍ය ජී. වීරසිංහ සහ වීරසුමන වීරසිංහ, ජාතික කොංග්‍රසයේ නායක ඒ. එල්. එම්. අතාවුල්ලා, ශ්‍රී ලංකා මහජන පක්ෂයේ නායක අසංක නවරත්න, යුතුකම සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග යන විපක්ෂයේ ස්වාධීන පක්ෂ එකමුතුවේ නායකයන් මෙම අවස්ථාවට එක් ව සිටි බව සඳහන්.

මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියාසිටියේ කතාවෙන් නොව ක්‍රියාවෙන් මිතුරන් කවුදැයි හඳුනා ගන්නා ලෙසට රුසියානු තානාපතිවරයා උපදෙස් ලබාදුන් බවයි. 



Related recommendation
Hiru TV News | Programmes