General27 July 2022

පැහැරගත් වෙරංග කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශයේ ඉන්නවා

නිදහස් මාධ්‍යවේදී, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරික සහ රුහුණු සරසවි මහා ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපති ඇනතනී වේරංග පුෂ්පික කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය බාරයේ පසුවන බව ශ්‍රී ලංකා පොලීසිය තහවුරු කරනවා.

ඒ අද(27) දහවල් නාඳුනන පිරිසක් විසින් ඔහුව පැරගෙන තිබෙනවා යැයි ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කිරීමෙන් අනතුරුව කොමිෂම විසින් පොලීසියෙන් කරන ලද විමසීමකට අනුව පොලීසිය විසින් ඔහු කොළඹ දකුණ අපරාධ විමර්ශන කාර්යංශය බාරයේ පසුවන බවට තහවුරු කර තිබෙනවා.

නිදහස් මාධ්‍යවේදී, සමාජ ක්‍රියාකාරක වේරංග පුෂ්පික කොළඹ කොටුවේ පැවති විරෝධතා ව්‍යාපාරයකට සම්බන්ධ වී වෙනත් ගමනක් යාම සඳහා බස් රියකට ගොඩ වැ දී සිටිය දි යි ඔහු ව පැහැර ගෙන ගොස් තිබෙන බවයි මින් පෙර දී වාර්තා වුණේ.
Related recommendation
Hiru TV News | Programmes