General23 August 2022

සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේ

රථ වාහන නොවන ඉන්ධන අවශ්‍යතා සහ සංචාරක ඉන්ධන අවසර පත සැප්තැම්බර් පළමු සතියේදී හඳුන්වාදීමට නියමිත බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ජාතික ඉන්ධන අවසර පත් කිව්. ආර් ක්‍රමවේදය සම්බන්ධයෙන් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද උදෑසන පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමෙන් අනතුරුව, ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

එසේම, අත්‍යාවශ්‍ය සේවා වෙනුවෙන් වැඩි ඉන්ධන කෝටාවක් ලබාදීමට අදාළ කටයුතු ද කඩිනම් කරන බවයි අමාත්‍යවරයා නිකුත් කළ ට්විටර් පණිවුඩයේ දැක්වුණේ.
Related recommendation
Hiru TV News | Programmes