General11 December 2022

රිය අනතුරින් පසු කතකට පහර දුන් තවත් කතුන් දෙදෙනෙකු අත්අඩංගුවට (වීඩියෝ)

කොල්ලුපිටිය පොලිස් වසමේ සිදුවූ රිය අනතුරක් අතරතුර දී පහරදීමේ සිදුවීමකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

බම්බලපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් මෙම කාන්තාවන් දෙදෙනා අවුරුදු 42 සහ 64 යන වයස්වල පසුවන වැල්ලවත්ත සහ එල්ලක්කළ ප්‍රදේශවල පදිංචිකරුවන්.

සනීපාරක්ෂක සේවා සපයන පෞද්ගලික ආයතනයක මොවුන් දෙදෙනා සේවය කරනවා.

ඊයේ බම්බලපිටියේ සිට ගාලුමුවදොර දෙසට ධාවනය වූ මෝටර් රථයක් ඉදිරියෙන් එම දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක පිටුපස ගැටී අනතුරක් සිදුවුණා.

එහිදී ත්‍රීරෝද රථයේ රියදුරු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබුණා.

අනතුරින් පසු මෝටර් රථය පැදවූ රියදුරු පළාගොස් ඇති අතර අනතුර සිදු වූ අවස්ථාවේදී මෝටර් රථයේ පිටුපස ගමන්කළ කාන්තාවකට තවත් කාන්තාවන් දෙදෙනෙකු පහරදෙන ආකාරය සමාජ මාධ්‍යවල ප්‍රචාරය වුණා.

සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය හදුනාගෙන අත්අඩංගුවට ගැනීම සඳහා සී.සී.ටී.වී සහ වීඩියෝ දර්ශන ඔස්සේ විමර්ශන ක්‍රියාත්මකයි.

Related recommendation
Hiru TV News | Programmes