General26 December 2022

හිටපු ජනපති ගෝඨාභය දිවයිනෙන් පිටව යයි (වීඩියෝ)

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඩුබායි බලා පිටත්ව ගොස් තිබෙනවා.

හිරු ගුවන් තොටුපළ වාර්තාකරු සඳහන් කළේ අද (25) අළුයම 2.55 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ. 649 දරණ යානයෙන් හිටපු ජනාධිපතිවරයා, ඔහුගේ බිරිඳ, පුත්‍රයා, ලේලිය මෙන්ම මිනිබිරිය ද මෙලෙස දිවයිනෙන් පිටත්ව ගිය බවයි.

ඩුබායි බලා පිටත්ව ගිය හිටපු ජනාධිපතිවරයා ඇතුළු පවුලේ සාමාජිකයින් ඇමරිකා එක්සත් ජනපදය වෙත යාමට නියමිත බවටයි වාර්තා පළවූයේ.

කෙසේ වෙතත් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම්ව සුගීෂ්වර බණ්ඩාර ප්‍රකාශ කළේ ඔහු ඩුබායි පමණක් ගිය බවයි.

Related recommendation
Hiru TV News | Programmes