යාපනයේ කල්ලි දෙකක් අතර ගැටුමකින් සිව්දෙනෙකුට තුවාලයි

Tuesday, 24 January 2023 - 14:02

%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%9A%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%94%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B7%80%E0%B7%8A%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%A7+%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
යාපනයේ ක්‍රියාත්මක කල්ලි දෙකක් අද (24) දහවල් යාපනය, චුන්නාකම් ප්‍රදේශයේ දී ගැටුමක් ඇති කරගෙන තිබෙනවා.

එහිදී ඔවුන් වාහන එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, අනතුරුව කඩුවලින් පහර දීමක් සිදුකර ඇති බවයි වාර්තාවන්නේ.

දකුණු ඉන්දීය සිනමා පටවල දැක්වෙන ආකාරයෙන් කුඩා ලොරි රථයක්, කුඩා මෝටර් රථයක් සහ යතුරුපැදියක් මෙලෙස එකිනෙක ගැටීමට සළස්වා ඇති අතර, සිද්ධියෙන් තුවාල ලැබූ හතරදෙනකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙම කල්ලි සාමාජිකයන් විසින් යාපනය ප්‍රදේශයේ මංකොල්ලකෑම්, පහරදීම් සහ පුද්ගල බියවැද්දවීම් සිදුකරන බවට ද තොරතුරු වාර්තා වන අතර, මීට පෙරද අවස්ථා ගණනාවක දී ඔවුන් අතර විවිධ ගැටුම් හටගෙන ඇති බව සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories