යළිත් බිත්තර හිඟ වෙයි ද?

Wednesday, 25 January 2023 - 8:52

%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B6%BB+%E0%B7%84%E0%B7%92%E0%B6%9F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%E0%B6%AF%3F
යළිත් වරක් වෙළෙඳපොලේ බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති බව වෙළෙඳුන් සහ පාරිභෝගිකයින් පවසනවා.

ඒ බිත්තර සඳහා උපරිම සිල්ලර මිලක් පනවමින් නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති පසුබිමක යි.

ඒ අනුව බිත්තර තොග සඟවන්නන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් ආරම්භ කර තිබෙනවා.

ඒ අනුව එහි උසස් නිලධාරියෙකු සඳහන් කළේ අද දිනයේත් බිත්තර වැඩි මිලට අලෙවි කරන්නන් සහ තොග සඟවන්නන් සොයා මෙහෙයුම් සිදු කරන බව යි.

බිත්තර සඳහා උපරිම මිලක් නියම කරමින් රජය පසුගිය 20 වනදා ගැසට් නිවේදනයක් නිකුත් කළ අතර ඒ අනූව සුදු බිත්තරයක් රුපියල් 44ක සහ රතු බිත්තරයක් රුපියල් 46ක උපරිම සිල්ලර මිලකට අලෙවි කළ යුතු බවට නිවේදනය කළා.

මෙම මිල ගණන් ඉක්මවා බිත්තර අලෙවි කරන වෙළෙඳුන්ට සාමාන්‍ය ව්‍යාපාරික ස්ථානයක්නම් රුපියල් ලක්ෂයේ සිය රුපියල් ලක්ෂ 5 දක්වා දඩ මුදලක් මෙන්ම සමාගමක්නම් රුපියල් ලක්ෂ 5 සිට ලක්ෂ 50 දක්වාත් දඩයක් නියම කෙරෙනු ඇති.

දේශීය ව බිත්තරයක නිෂ්පාදන වියදම මේ වන විට අඩු වී ඇති බැවින් ඉදිරියේදී බිත්තර මිල අඩු විය හැකි බවයි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අනාවරණ කළේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories