මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත වෙනස් නොකිරීමට තීරණය කරයි (වීඩියෝ)

Wednesday, 25 January 2023 - 13:43

%E0%B6%B8%E0%B7%84%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94%E0%B7%80+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B4%E0%B7%8F%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%9C%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
මහබැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාත නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව ඊයේ (24) රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කර ඇත්තේ නිත්‍ය තැන්පතු සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතික පිළිවෙලින් 14.5%ක සහ 15.5%ක අගයක තවදුරටත් පවත්වාගෙන යාමටයි.

මෑතකාලීන හා අපේක්ෂිත වර්ධනයන් මෙන්ම දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික තත්ත්වයන් සලකා ඔවුන් මෙම තීරණය කර තිබෙනවා.

මෑත මාසවල දී අපේක්ෂා කළ පරිදි උද්ධමනය අඛන්ඩව පහළ ගිය අතර, ඉදිරියේ දී තවදුරටත් උද්ධමනයේ පහළ යාමක් අපේක්ෂා කරන බවයි මහබැංකුව සඳහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories