ආබාධිත රණවිරුවෙකුගෙන් ආදර්ශයක් (වීඩියෝ)

Wednesday, 25 January 2023 - 14:17

%E0%B6%86%E0%B6%B6%E0%B7%8F%E0%B6%B0%E0%B7%92%E0%B6%AD+%E0%B6%BB%E0%B6%AB%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%8A%E0%B7%81%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බණ්ඩාරවෙල ගෙඩියරොද ප්‍රදේශයේ පදිංචි සිල්වෙස්ටර් බූත් යුද හමුදා සේවයේ සිටිය දී එල්.ටී.ටී.ඊ ප්‍රහාරයකට ලක්වීමෙන් ඔහුගේ පාදයක් අබාධිත තත්වයට පත්ව තිබෙනවා.

නමුත් පාදයේ ආබාධය චිත්ත ශක්තිය අභිබවා යාමට තරම් ගැටලුවක් කර නොගත් සිල්වෙස්ටර් මේ වන විට සාර්ථක ගොවියෙක්.

බණ්ඩාරවෙල ගෙඩියරොද ඔහුගේ නිවස පිහිටි දැඩි බෑවුම් සහිත ඉඩමේ විවිධ දෑ උපයෝගී කර ගනිමින් ඔහු ගෙවත්තක් සාදා තිබෙනවා.

ප්‍රදේශයේ පවතින ජල හිඟයට ද විසදුමක් ලෙස විවිධ දේ උපයෝගී කර ගනිමින් ජල තටාකයක් සකස් කිරීමට ද සිල්වෙස්ටර් කටයුතු කළා.

ගෙවතු වගාව මගින් ඉඩමේ සිදුවන පාංශු ඛාදනයට ද විසදුම් ලැබී තිබීම මෙම වගාවේ අතුරු වාසියක්.

එළවළු වර්ග රාශියක් සාර්ථකව වගා කිරීම හේතුවෙන් ගෙවත්ත මගින් ඉතා හොඳ අදායමක් ලබා ගැනීමට ද සිල්වෙස්ටර්ට හැකි වී තිබෙනවා

පාදයක අබාධයක් තිබුණත් සිල්වෙස්ටර් මේ සමාජයට ලබා දෙන්නේ උනන්දුව සහ උත්සාහය ඇත්නම් කෙනෙකුට ඕනෑම අභියොගයක් ජය ගත හැකි බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories