විදුලි බලධාරින් අද පස්වරුවේ යළි මානව හිමිකම් කොමිසමට

Wednesday, 25 January 2023 - 14:57

%E0%B7%80%E0%B7%92%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%92+%E0%B6%B6%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%B8%E0%B7%8F%E0%B6%B1%E0%B7%80+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%B8%E0%B6%A7
උසස් පෙළ විභාගය පැවැත්වෙන කාලසීමාවේ කප්පාදුවකින් තොරව විදුලිබලය සැපයීම සඳහා පැවති සාකච්ඡාව විසඳුමකින් තොරව නිමා වී තිබෙනවා.

අද (25) පෙරවරුවේ විදුලිබල අමාත්‍යාංශය, මහජන උපයෝගිතා කොමිසම, විදුලිබල මණ්ඩලයේ නිලධාරින් මානව හිමිකම් කොමිසම වෙත කැඳවා තිබුණේ උසස් පෙළ විභාග සමයේ විදුලි කප්පාදුව නැවැත්වීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනයක් සඳහායි.

කෙසේ වෙතත් අද (25) පස්වරු 4ට යළි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කොමිසම අදාළ පාර්ශවයන් කැඳවීමට තීරණය කළ බවයි මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක කියා සිටියේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories