සොරාගත් ගම්පොල ඒ.ටී.එම් යන්ත්‍රයේ හැත්තෑ හයලක්ෂයක් (වීඩියෝ)

Wednesday, 25 January 2023 - 19:43

%E0%B7%83%E0%B7%9C%E0%B6%BB%E0%B7%8F%E0%B6%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD+%E0%B6%92.%E0%B6%A7%E0%B7%93.%E0%B6%91%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%BA%E0%B7%9A+%E0%B7%84%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%91+%E0%B7%84%E0%B6%BA%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවෙන් සොරකම් කළ ඒ.ටී.එම්. යන්ත්‍රයේ රුපියල් හැත්තෑ හය ලක්ෂ 46,700 ක මුදලක් තිබී ඇති බව පොලීසිය පවසනවා.

මේ අතර, ඒ.ටී.එම්.යන්ත්‍රය ගලවාගෙන යාමේ සිද්ධියට කොල්ලකරුවන් පැමිණි වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගත් අතර එහි රියදුරු පොලීසිය විසින් මේ වනවිට අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

ගම්පොල නගරයේ පිහිටි පෞද්ගලික බැංකු ශාඛාවක මුදල් තැන්පතු යන්ත්‍රය ආයුධ සන්නද්ධව වෑන් රථයකින් පැමිණි පුද්ගලයින් සිව් දෙනෙකු විසින් ගලවාගෙන රැගෙන ගොස් තිබුණේ අද අලුයම් කාලයේයි.

මොවුන් බැංකුවේ ආරක්ෂක නිලධාරියාගේ හිසට පිස්තෝලයක් එල්ල කර ඔහුව පුටුවක ගැටගසා මෙම සොරකම සිදු කර තිබුණා.

කොල්ලකරුවන් කුලී පදනම මත අදාල වෑන් රථය මෙම සිද්ධියට රැගෙනවිත් ඇති අතර, පසුව, වෑන් රථය පේරාදෙණිය ප්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයා ගෙන තිබුණේ එහි රියදුරු පොලිස් හදිසි ඇමතුම් අංශයට ලබාදුන් තොරතුරක් මතයි.

කොල්ලකරුවන් වෑන් රථය තුල රියදුරුගේ දෑත් බැඳ දමා පලාගිය බව වාර්තා වූ අතර පසුව ඔහු දෑත් ගලවා ගෙන පොලීසියට ඒ පිළිබඳව දැනුම්දී තිබුණා.

වෑන් රථය කොල්ලකරුවන් විසින් අරණායක ප්‍රදේශයෙන් අන්තර්ජාලය හරහා කුලී පනම මත ලබාගෙන ඇති අතර, රියදුරුට දැනුම්දී ඇත්තේ වෑන් රථය පේරාදෙණිය හරහා ගලහා ප්‍රදේශයට රැගෙන එන ලෙසටයි.

එහිදී ගලහ ප්‍රදේශයෙන් වෑන් රථයට තිදෙනෙකු ගොඩවී තිබෙනවා.

ඔවුන් දෙල්තොට ප්‍රදේශයට ගොස් එම ස්ථානයෙන් ද තවත් දෙදෙනෙකු වෑන් රථයට නංවාගෙන ඇති අතර මඳ දුරක් ගිය පසු තමාගේ දෑස් බැඳ එක් අයෙකු දෙල්තොට ප්‍රදේශයේ ස්ථානයකින් බැස්සවූ බවටයි රියදුරා පොලීසියට ප්‍රකාශ කර ඇත්තේ.

අනතුරුව කොල්ලකරුවන් පෞද්ගලික බැංකුවේ මුදල් තැන්පතු යන්ත්‍රය ගලවා ඉවත් කර තමන්ව රථයට නංවාගෙන පේරාදෙණිය ගලහ ප්‍රදේශයෙන් වෑන් රථය දමාගිය බව රියදුරු පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories