General11 March 2023

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතියෙන් බලපෑමට ලක්වන පිරිසකට නව නිවාස

කොළඹ තදාසන්න දුම්රිය ව්‍යාපෘතිය යටතේ බලපෑමට ලක්වන නිවාස හිමිකරුවන් 150 දෙනෙකු සඳහා නව නිවාස ලබාදීමට අදාළ හිමිකම් ප්‍රදානය සිදුකර තිබෙනවා.

ඒ ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන්.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ කැළණිවැලි දුම්රිය මාර්ගයේ සංවර්ධන වැඩසටහන යටතේ දුම්රිය රක්ෂිතය තුල පදිංචි අනවසර පදිංචිකරුවන් අතරින්, බලපෑමට ලක්වන පිරිස් සඳහා මෙම නිවාස හිමිකම් ප්‍රදානය කර ඇති බව සදහන්.

මාලිගාවත්ත - ලක්හිරු සෙවණ සහ සියපත් සෙවණ මහල් නිවාස සංකීර්ණයන්හි ඔවුන්ට නව නිවාස ලබාදීම සිදුකෙරෙන බවයි ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේ.
Related recommendation
Hiru TV News | Programmes