ශ්‍රී පාද හැටන් මාර්ගයේ වෙළෙඳසැල්වල කිරි ආශ්‍රිත ආහාර ද්‍රව්‍යවල සාම්පල ලබා ගැනීමට මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබෙනවා.
මෙම සාම්පල ලබා ගැනීම සිදු කර ඇත්තේ ශ්‍රී පාද හැටන් මාර්ගයේ සිට නල්ලතන්නිය සිට ගගුලතැන්න දක්වා පිහිටි වෙළෙඳසැල්වල සංචාරක හෝටල්වල කිරි ආශ්‍රිත නිෂ්පාදනවලයි.
අද (17) උදෑසන සිට දහවල් කාලය තෙක්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එක්ව අදාළ සාම්පල එකතු කිරීම සිදු කෙරුණේ පසුගියදා රත්නපුර - එරත්න ශ්‍රී පාද මාර්ගයේ ලිස්ටීරියා රෝගියෙකු බවට සැක කෙරෙන අයෙකු හමුවීමත් සමගින්.
රත්නපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය සඳහන් කළේ ලබාගත් ආහාරවල සාම්පල කොටස් පරීක්ෂණ කටයුතු සඳහා යොමු කරන බවයි.
දැනට හැටන් මාර්ගය ඔස්සේ ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන වන්දනාකරුවන්ට අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් සහ සෞඛ්‍යාරක්ෂිත ආහාරපාන වෙළෙඳසැල්වලින් ලබාදීමේ දී පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ අවධානය යටතේ සිදු කෙරෙන බවත් අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවා.
කෙසේවෙතත් මීට පෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලවලින් සතියකට වරක් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස්දෙනෙකු බැගින් අනුයුක්ත කළ ද එම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට මසකට ලබාදෙන අතිකාල දීමනා පැය 100ක් කප්පාදු කිරීම හේතුවෙනුයි ඔවුන් සිය රාජකාරිවලින් ඉවත් කර ඇත්තේ.

Latest News
"හරක් කටාගේ බිරිඳ මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන නෑ" මදුවන්තිගේ නීතීඥයින් කියයි
Local
10 July 2025

පළමු 20-20 තරගයේ ජය ශ්‍රී ලංකාවට
Local
10 July 2025

අමෙරිකාවේ නව තීරු බද්ද, ඇඟළුම් ඇතුලු අපනයනවලට අභියෝගයක් බව ආර්ථික විශ්ලේෂකයින් කියයි
Local
10 July 2025

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 155ක ඉලක්කයක්
Local
10 July 2025

පාලමෙන් පැන දිවි හානිකර ගැනීමට තැත් කළ අයෙකු හමුදාවෙන් බේරා ගැනේ
Local
10 July 2025

ඔටිසම් සහ ස්නායු ගැටලු සහිත දරුවන්ට සුරැකුම් මධ්‍යස්ථාන කඩිනමින්
Local
10 July 2025

හෙරොයින් ප්‍රවාහනය කළ මෝටර් රථයක් වලස්ගලදී අත්අඩංගුවට
Local
10 July 2025

දේශපාලනයේ දැවැන්තයා, මහතීර් මොහොමඩ් සිය 100 වැනි ජන්ම දිනය සමරයි
Local
10 July 2025

සිංහ - ව්යාඝ්ර පළමු T20 තරගයේ කාසියේ වාසිය සිංහයින්ට
Local
10 July 2025

පින්නවලදී චීන සංචාරක බස් රථයකට ගසක් කඩා වැටේ
Local
10 July 2025