ප්‍රකට නළු ලාන්ස් රෙඩික් මිය යයි

Saturday, 18 March 2023 - 7:12

%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B1%E0%B7%85%E0%B7%94+%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
ප්‍රකට රූපවාහිනී නාට්‍යයක් වන "ද වයර්" සහ "ජෝන් වික්" ක්‍රියාදාම-චිත්‍රපට මාලාවට රංගනයෙන් දායක වූ ප්‍රකට නළු නළු ලාන්ස් රෙඩික් මියගොස් තිබෙනවා.

මිය යන විට ඔහුගේ වයස අවුරුදු 60ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

රෙඩික්ගේ මරණය ගැන ප්‍රකාශයක් නිකුත් කරමින් මියා හැන්සන් පවසන්නේ ඊයේ පෙරවරුවේ දී රෙඩික් ස්වාභාවික හේතුන් මත තම ජීවිතයට සමු දුන් බවයි.

ඔහුගේ මරණයේ පිළිබඳ වැඩිදුර තොරතුරු අනාවරණය කරමින් TMZ වෙබ් අඩවිය පවසන්නේ රෙඩික් ලොස් ඇන්ජලීස් හි ස්ටුඩියෝ සිටි දිස්ත්‍රික්කයේ පිහිටි ඔහුගේ නිවසේ තම අවසන් සුසුම් හෙලූ බවයි.

කෙසේ නමුත් "John Wick" ක්‍රියාදාම-චිත්‍රපට මාලාවේ සිව්වැනි කොටස නිකුත් කිරීමට සැලසුම් කර ඇති මාර්තු 24 වැනි දිනට දින කිහිපයකට මත්තෙන් සිය ජීවිතයට සමු දීම පිළිබඳ කලා ලෝකයේ දැඩි ශෝකයක් මතුව තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories