ධාවනය වෙමින් තිබූ උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් පිරිසක් එක්ව රෝහල්ගත කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
අද (18) පස්වරු 1ට පමණ මෙම පුද්ගලයා දුම්රියේ ගැටී ඇත්තේ රොසැල්ල - හැටන් දුම්රිය ස්ථාන දෙක අතර පිහිටි මල්ලිඅප්පුව ප්‍රදේශයේදියි.
මීට දින හතරකට පෙර මෙම පුද්ගලයාගේ නිවසෙහි ඇති වූවා යැයි කියන පෞද්ගලික ආරවුලක් හේතුවෙන් උරණ වූ තුවාලකරු අධික ලෙස බීමත්ව දුම්රිය මාර්ගය මැදට වී ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ කර තිබෙන බව හැටන් පොලිසිය සඳහන් කළා.
පසුව දුම්රියෙහි ගැටී රේල් පාරෙන් පිටතට මෙම පුද්ගලයා විසී වී තිබෙනවා.
තුවාල ලැබූ පුද්ගලයා 41 හැවිරිදි අයෙක් වන අතර ඔහු දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙක්.

Follow US