කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඉන්දියාවේ බැංගලෝර් ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගමන් ගත් මගින් පිරිසක් වැරදීමකින් දේශීය මගීන් පැමිණීමේ පර්යන්තය වෙත රැගෙන යාමේ පුවතක් වාර්තාවනවා.
ඊයේ (17) යූ.එල් 173 දරන ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් ගමන්ගත් මගීන් 30 ක් පමණ මෙම තත්ත්වයට මුහුණ දී ඇති බව සඳහන්.
ගුවන් යානයෙන් පිටතට පැමිණි මෙම ගුවන් මගීන් පිරිස අභ්‍යන්තර බස්රථයකින් රැගෙන ගොස් ඇති අතර එය අන්තර්ජාතික ගුවන් මගීන් පැමිණි පර්යන්තය වෙත රැගෙන යා යුතු වුවත් එහි රියදුරා එය රැගෙන ගොස් ඇත්තේ දේශීය මගීන් පැමිණීමේ පර්යන්තය වෙතයි.
ටික වේලාවකින් මෙම අත්වැරද්ද සම්බන්ධයෙන් අවබෝධ වී ඇති අතර අනතුරුව එම මගීන් යළි අන්තර්ජාතික මගීන් පැමිණීමේ පර්යන්තය වෙත යොමු කර ඇති බව සඳහන්.
මෙවැනි වැරදීම් සිදුවිය හැකි වුවත්, එය ගුවන් තොටුපළේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නකාරී බැවින් මේ පිළිබඳ පරීක්ෂණ සිදු කරන බවයි බැංගලෝර ගුවන්තොටුපල බලධාරීන් ඉන්දීය මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

Follow US