ආරවුලක් දුරදිග ගොස් ඝාතනය වූ පුද්ගලයාගේ සිරුර රෝහලට (වීඩියෝ)

Saturday, 18 March 2023 - 17:42

%E0%B6%86%E0%B6%BB%E0%B7%80%E0%B7%94%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%AF%E0%B7%92%E0%B6%9C+%E0%B6%9C%E0%B7%9C%E0%B7%83%E0%B7%8A+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%96+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%9A+%E0%B7%83%E0%B7%92%E0%B6%BB%E0%B7%94%E0%B6%BB+%E0%B6%BB%E0%B7%9D%E0%B7%84%E0%B6%BD%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
අඟුරුවාතොට - බටගොඩ ප්‍රදේශයේ දී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා සිරුර හොරණ මූලික රෝහල වෙත යොමුකර තිබෙනවා.

හොරණ මහේස්ත්‍රාත්වරිය පැමිණ මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කිරීමෙන් අනතුරුව දේහය රෝහල වෙත යොමුකළ බවයි පොලීසිය සඳහන් කළේ.

ඊයේ රාත්‍රියේ අඟුරුවාතොට - බටගොඩ ප්‍රදේශයේ නිවසක පැවති මංගල උත්සවයකට සහභාගි වූ දෙපිරිසක් අතර ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මෙම ගැටුම සිදුව තිබුණා.

එහිදී තුවාල ලැබූ පිරිමි පුද්ගලයින් 5 දෙනෙකු සහ කාන්තාවක රෝහල් ගත කෙරුණු අතර, අද උදෑසන බටගොඩ ප්‍රදේශයේ වෙල්යායක තිබී මියගිය පුද්ගලයාගේ සිරුර සොයා ගත්තා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories