බදු අඩු කළත්, බේකරි හිමියන්ට අවසර ප්‍රශ්නයක් (වීඩියෝ)

Saturday, 18 March 2023 - 19:30

%E0%B6%B6%E0%B6%AF%E0%B7%94+%E0%B6%85%E0%B6%A9%E0%B7%94+%E0%B6%9A%E0%B7%85%E0%B6%AD%E0%B7%8A%2C+%E0%B6%B6%E0%B7%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%92+%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
දියර බිත්තර ආනයනය සඳහා පනවා තිබූ බදු ප්‍රතිශතය අඩු කළ ද මෙතෙක් ඒවා ආනයනයට අවශ්‍ය අවසර ලබා දී නොමැති බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන කියා සිටියේ දියර බිත්තර ආනයනය සඳහා තම සංගමය පමණක් කටයුතු කරන බැවින් ඉතා ඉක්මනින් අදාළ ආයතනවලින් අනුමැතිය ලබා දුනහොත් හැකි ඉක්මනින් ඒවා ආනයනය කිරීමට කටයුතු කරන බවයි.

ආනයනික දියර බිත්තර කිලෝ 1 ක් සඳහා පනවා තිබූ බද්ද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 1300 සිට 200 දක්වා අඩුකර තිබෙනවා.

වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මේ බව කියා සිටියේ ජා-ඇල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

දියර බිත්තර ආනයනය කිරීමෙන් අනතුරුව ඒවා බේකරි කර්මාන්තයට සහ බිස්කට් නිෂ්පාදනය සඳහා යොදා ගන්නා බවයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සාමාජික උමංග විතානගේ කියා සිටියේ.

මේ අතර, වෙළදපොලේ මේ වනවිට බිත්තර හිඟයක් නිර්මාණය වී ඇති අතර, ආනයනය ප්‍රමාද වූ බිත්තර තොගය හෙට දිනයේ ඉන්දියාවේ සිට නැව්ගත කිරීමට නියමිත බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සඳහන් කළා.

බිත්තර මිලියන 2 ක තොගයක් එලෙස නැව්ගත කිරීමට නියමිත බවයි අමාත්‍යවරයා කියා සිටියේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories