බූරු මූණා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කෙරේ (වීඩියෝ)

Saturday, 18 March 2023 - 19:40

%E0%B6%B6%E0%B7%96%E0%B6%BB%E0%B7%94+%E0%B6%B8%E0%B7%96%E0%B6%AB%E0%B7%8F+%E0%B6%B4%E0%B7%90%E0%B6%BA+72+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%BB%E0%B6%B3%E0%B7%80%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%81%E0%B7%8A%E0%B6%B1+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කටුනායක ගුවන්තොටුපල පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් සිටියදී අවිස්සාවේල්ල ප්‍රදේශයේදී යළි අත්අඩංගුවට ගත් පාතාල වෙඩික්කරුවෙකු වන රවිදු වර්ණ රංගන හෙවත් බූරු මූණා පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසියට අවසර හිමි වී තිබෙනවා.

ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 7 - 1 වගන්තිය ප්‍රකාරවයි.

ඊයේ අවිස්සාවේල්ල පොලීසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසය වෙත සැකකරු භාර දුන්නා.

තමන්ට ඝාතන චෝදනා 9 ක් පැවතියද තමන් සිදුකළේ ඉන් දෙකක් පමණක් බවයි, සැකකරු පොලිසිය හමුවේ හඬා වැටෙමින් පාපොච්චාරණය කර තිබුණේ.

පොඩි ලැසීගේ පාර්ශ්වයෙන් සිය මවට සහ පියාට මරණ තර්ජන එල්ල වී තිබූ බවත්, ඊට පලිගැනීමක් ලෙස තමා පාතාලය සමඟ එක්වී කටයුතු කළ බවද සැකකරු ප්‍රකාශ කළේ.

එමෙන්ම හංවැල්ල ප්‍රදේශයේ වෙළඳසැල් හිමිකරු ඝාතනය තමා විසින් සිදුකළ බවට සැකකරු පිළිගෙන තිබුණා.

විමර්ශන සිදුකරන උසස් නිලධාරියෙකු සඳහන් කළේ පසුගිය කාලයේ රත්ගම ප්‍රදේශයේ සහ අවිස්සාවේල්ල ඇතුලු ප්‍රදේශ කිහිපයක සිදු වූ වෙඩි තැබීම්වල ප්‍රධාන වෙඩික්කරු ලෙස මොහු ක්‍රියාකර ඇති බවයි.

සී. සී. ටී. වී. දර්ශන පරීක්ෂා කිරීමේදීද සැකකරු පැහැදිළිවම හඳුනාගැනීමට හැකි වූ බවයි එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔහුගෙන් සිදුකළ මුලික ප්‍රශ්න කිරීම්වලදී තවදුරටත් හෙළි වී ඇත්තේ බූරු මූණා යනුවෙන් පවසමින් තමන්ට පාසල් කාලයේදී උසුලු විසුළු කළ සිසුවෙකු ඝාතනය කිරීමට ද තමන් කටයුතු කළ බවයි.

එමෙන්ම ලී මෝලක් පවත්වාගෙන ගිය සිය පියාට හිරිහැර කළ පුද්ගලයින් හතරදෙනෙකු චෙන්ෂෝ යන්ත්‍රයකින් කපා බරපතළ තුවාල කිරීමට ද තමන් කටයුතු කළ බවයි සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ.

එමෙන්ම සැකකරු නාවික හමුදාවේ සිට සේවය හැර ගිය සෙබළෙකු බවට ද අනාවරණ වී තිබෙනවා.

මොහු පොලිසියෙන් මුදාගෙන රැගෙන යාමේ චෝදනාවට සැකපිට හිමිවරුන් දෙනමක් ඇතුළු 09 දෙනෙකු අත්අඩංගුවට ගත් අතර ඔවුන් මේ මස 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගතවයි පසුවන්නේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories