නවසීලන්ත බිමේ දී ශ්‍රී ලංකා ඉනිම හෝදා පාලු වෙයි

Sunday, 19 March 2023 - 7:35

%E0%B6%B1%E0%B7%80%E0%B7%83%E0%B7%93%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD+%E0%B6%B6%E0%B7%92%E0%B6%B8%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B1%E0%B7%92%E0%B6%B8+%E0%B7%84%E0%B7%9D%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B7%94+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
සංචාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් යුතු ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරයේ පළමු ඉනිම සඳහා ශ්‍රි ලංකා කණ්ඩායම සියල්ලෝ දැවී ලකුණු 164ක් ලබා ගත්තා.

ඒ අනුව සිය පළමු ඉනිම සඳහා ලකුණු 580ක් රැස්කළ නවසීලන්තයට වඩා ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 416ක් පසුපසිනුයි අවසන් වූයේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පිත්තෙන් යම් සාර්ථකත්වයක් පෙන් වූ එක ම ක්‍රීඩකයා බවට පත් වූ නායක දිමුත් කරුණාරත්න ලකුණු 89ක් වාර්තා කළා.

ඊට අමතරව දිනේෂ් චන්දිමාල් 31ක් ද නිෂාන් මධුෂ්ක 19ක් ද ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් එකතු කළා.

ඒ හැරුණුකොට අන් එකදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කර යාමට අවස්ථාවක් නවසීලන්ත පන්දු යවන්නන් ලබා දුන්නේ නැහැ.

නවසීලන්තය වෙනුවෙන් මැට් හෙන් රි සහ මිචෙල් බ්‍රාස්වෙල් කඩුළු 3 බැගින් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට අමිහිරි සහගත පරාජයකින් බේරිම සඳහා සිය දෙවන ඉනිම ආරම්භ කරන්න වූයේ 416ක දැවන්ත ලකුණු සංඛ්‍යාවක් පසුපසිනුයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins