ශ්‍රී ලංකාවේ වර්ගඵලය වෙනස් වෙයි

Sunday, 19 March 2023 - 8:44

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%B5%E0%B6%BD%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%83%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ශ්‍රී ලංකාවේ වර්ගඵලය, දිග සහ පළල සම්බන්ධයෙන් නවතම දත්ත වාර්තාවක් මාස 02ක කාලයක් තුළ එළිදැක්වීමට කටයුතු කරන බව මිනුම්පති එස්. සිවානන්දරාජා පවසනවා.

ඔහු කියා සිටියේ ඊට අදාළව සිතියම්ගත කිරීමේ කටයුතු පසුගිය වසරවල දී සිදුකෙරුණු බවයි.

ඒ අනුව සකස් කළ නව සිතියම් දත්ත අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් විසින් නව ගණනය කිරීම් සිදුකරන බවයි ඔහු කියා සිටියේ.

කොළඹ වරාය නගරය, හම්බන්තොට වරාය ඉදිකිරීම වැනි සුවිශේෂී තත්ත්වයන් හමුවේ මෙරට වර්ගඵලය, දිග සහ පළල වෙනස්වීම්වලට භාජනය වී ඇත්දැයි එහි දී කරුණු අනාවරණ වනවා.

උතුරු කෙලවරේ පේදුරුතුඩුවේ සිට දකුණු කෙලවරේ දෙවුන්දර තුඩුව දක්වා ශ්‍රී ලංකාවේ දිග කිලෝමීටර් 432ක් පමණ වනවා.

බටහිර පිහිටි කොළඹ සිට නැගෙනහිර සංගමන් කන්ද තුඩුව දක්වා ශ්‍රී ලංකාවේ පළල කිලෝමීටර් 224ක්.

ශ්‍රී ලංකාවේ විශාලත්වය වර්ග කිලෝමීටර් 65,610ක් වනවා.

ශ්‍රී ලංකාව වටා ඇති මුහුදු වෙරළේ දිග කිලෝමීටර් 1700 ඉක්ම වනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories