ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ට එරෙහිව ඊයේ (18) යාපනයේ විරෝධතාවක් පැවති බව වාර්තා වනවා.
යාපනයේ නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ සංවිධානය කළ ආගමික වැඩ සටහනක් සඳහා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීවරයා පැමිණි අවස්ථාවේ දී යි ඔහුට එම විරෝධය එල්ල වී තිබෙන්නේ.
මෙම විරෝධතාව සඳහා උතුරේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක මන්ත්‍රීවරු හා යාපනයේ ස්වේච්ඡා සංවිධානවල කිහිපදෙනෙකු ද සහභාගි වූ බවයි වාර්තා වන්න්නේ.
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියාට එරෙහි විරෝධතාවේ දී විරෝධතාකරුවන් පුවරු ප්‍රදර්ශනය කරමින් පවසා ඇත්තේ, ජාතිවාදය හා දේශපාලනය කරපින්නා ගෙන කටයුතු කරන, දෙමළ ජන සංහාරයට සම්බන්ධ හමුදා නිලධාරියෙකු යාපනයේ බෞද්ධ උරුමයන් ස්ථාපිත කිරීම සඳහා නොපැමිණිය යුතු බවයි.
කෙසේ නමුත් පොලිසිය හා හමුදාව එක්ව විරෝධතාකරුවන් ඉවත් කිරීමෙන් පසුව යාපනය නාවක්කුලි සමිද්ධි සුමන විහාරයේ ආගමික උත්සවය සිදු සිදු කෙරේ තිබෙනවා.

Follow US