අත්‍යවශ්‍ය ඖෂධ කඩිනමින් ගෙන්වන්න මුදල් අමාත්‍යාංශයෙන් මුල් තැන - රංජිත් සියඹලාපිටිය

Sunday, 19 March 2023 - 11:13

%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%96%E0%B7%82%E0%B6%B0+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%82%E0%B7%81%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%94%E0%B6%BD%E0%B7%8A+%E0%B6%AD%E0%B7%90%E0%B6%B1+-+%E0%B6%BB%E0%B6%82%E0%B6%A2%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B6%B9%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA
මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට මුල්තැන දී මහා භාණ්ඩාගාරය විසින් ඉඩ ප්‍රස්තාව වෙන් කර ඇති බව මුදල් පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසනවා.

මෙරට ජනතාවට අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමේ දී පැන නැගී ඇති ගැටළු පිළිබඳව වන සාකච්ඡාවක් මුදල් අමාත්‍යාංශයේ දී පෙරේදා (17) පැවැත්වුණේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගේ ද ප්‍රධානත්වයෙන්.

මෙම අර්බුදකාරී අවස්ථාවේ දී කෙටිකාලීන විසඳුමක් තුළින් ජනතා අවශ්‍යතාව, පිළියම් සෙවීම අත්‍යවශ්‍ය බව ද, පසුගිය කාල සීමාව තුළ පැවති දරුණු ආර්ථික අර්බුදය හමුවේ වුව ද මහා භාණ්ඩාගාරය විසින් ජනතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය ඖෂධ ගෙන්වීමට මූලිකත්වය ලබා දී ඇති බව ද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නා.

සෞඛ්ය අමාත්‍යවරයා විසින් අදහස් දක්වමින් ජනතාවට අවශ්‍ය ඖෂධ වර්ග රැසක් මේ වන විටත් ගෙන්වීමට කටයුතු කර ඇති බවත් මෙම ඖෂධ වර්ග වරායෙන් නිදහස් කරගැනීම සඳහා අවශ්‍ය ණයවර ලිපි විවෘත කරගැනීමට රාජ්‍ය බැංකුවලින් සහාය ලබාගැනීමේ අවශ්‍යතාවක් මෙහිදී අවධාරණය කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories