හැටන් - නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ අඩුවක්

Sunday, 19 March 2023 - 13:22

%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B6%B1%E0%B7%8A+-+%E0%B6%B1%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%AD%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA+%E0%B6%B8%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B4%E0%B7%8F%E0%B6%AF+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%99%E0%B6%B1+%E0%B6%B6%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9A+%E0%B6%85%E0%B6%A9%E0%B7%94%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී පාදස්ථානයට ආශ්‍රිත මාර්ගවල වෙළඳසැල්වලින් ලබාගත් ආහාර හා ජල සාම්පලවල වාර්තාව ලැබීමෙන් පසු ඉදිරි පියවර තීරණය කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසනවා.

එම ආහාර හා ජල සාම්පල බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනය වෙත ලබා දී ඇති අතර, එහි වාර්තාව ඉදිරි සතියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ශ්‍රී පාදස්ථානයට පැමිණෙන එරත්ත මාර්ගයේ වෙළඳසැලක් පවත්වාගෙන ගිය වැලිමඩ ප්‍රදේශයේ කාන්නාවක ලිස්ටීරියා නැමැති බැක්ටීරියාව වැළදී මියයාමේ සිද්ධියෙන් පසු පසුගිය සිකුරාදා, මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන් විසින් එහි වෙළඳසැල්වලින් ආහාර සහ ජල සාම්පල ලබාගත්තා.

මේ අතර මෙම සිදුවීමත් සමඟ මෙම දිනවල හැටන් - නල්ලතන්නිය මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ගේ සැළකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව එම මඟ දෙපස වෙළදාම් කරන වෙළදුන් ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories