General31 March 2023

එළවළු මිල පහතට

ආර්ථික මධ්‍යස්ථාන රැසක එළවළු මිල ගණන් මේ වනවිට ඉතා අඩු අගයකින් සටහන් වනවා.

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ ඊයේ කැරට් කිලෝවක් අලෙවි වුණේ රුපියල් 90ත්, 100ත් අතර මිලකටයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කැරට් කිලෝග්‍රෑමයක මිල රුපියල් 80 දක්වා පහත වැටී තිබුණා.

උඩරට නොවන බීට්, නොරොච්චෝලේ ආර්ථික මධ්‍යස්ථානයේ රුපියල් 60ත්, 80ත් අතර මිලකට අලෙවි වී තිබූ අතර, මැනිං වෙළඳපොලේ ද රුපියල් සියයකට අඩු අගයකින් අලෙවි වුණා.

ලීක්ස් මිලෙහි සුළු වැඩිවීමක් පැවතුණු අතර, ආර්ථික මධ්‍යස්ථාන රැසක ලීක්ස් තොග මිල රුපියල් 200ත්, 260ත් අතර අගයක සටහන් වී තිබුණා.

ගෝවා මිලද රුපියල් 65ත්, 90ත් අතර අගයන්වල සටහන් වීම විශේෂත්වයක්.

ආනයනික අර්තාපල් මේ දිනවල ආර්ථික මධ්‍යස්ථානවල අලෙවි වන්නේ රුපියල් 140කට අඩු තොග මිලකටයි.

කෙසේ වෙතත්, නුවරඑලිය අර්තාපල් ඊයේ මැනිං වෙළඳපොලේ රුපියල් 230කට පමණ අලෙවි වුණා.

ආනයනික ලොකු ළුෑණු මිලද රුපියල් සියයට අඩු අගයක තවදුරටත් සටහන් වනවා.

මැනිං වෙළඳපොලේ වට්ටක්කා කිලෝග්‍රෑමයක් අලෙවි වී තිබුණේ රුපියල් 35ත්, 50ත් අතර මිලකටයි.
Related recommendation
Hiru TV News | Programmes