කෙන්ටකි ප්‍රාන්තයේ ලුයිස්විල් නගරයේ පිහිටි පැරණි ජාතික බැංකු ශාඛාවක ඊයේ (10) දින සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් හතර දෙනෙකු මිය ගිය ගොස් තවත් නව දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.
පොලිස් දෙපාර්තමේන්තුවේ යාවත්කාලීන තොරතුරුවලට අනුව මියගිය පුද්ගලයින් සිව්දෙනා ටොමී එලියට්, 63, ජිම් ටට්, 64, ජොෂ් බැරික්, 40 සහ ජූලියානා ෆාමර්, 45 ලෙස හඳුනාගෙන තිබෙනවා.
අදාල සිදුවීමෙන් පුද්ගලයින් 9 දෙනෙකු රෝහල් ගත කළ බවත් ඉන් තිදෙනෙකු තවමත් බරපතල තත්ත්වයේ පසුවන අතර මෑතකදී උපාධිය ලබා ගත් පොලිස් නිලධාරියෙකුගේ හිසට ද වෙඩි වැදී මොළයේ සැත්කමක් කිරීමට සිදු වූ බවයි ලුයිස්විල් සෞඛ්‍ය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය ජේසන් ස්මිත් විසින් පවසන්නේ.
එමෙන්ම මේව වන විට Louisville Metro පොලිස් දෙපාර්තමේන්තුවේ අන්තර්වාර ප්‍රධානී Jacquelyn Gwinn-Villaroel විසින් සැකකාර තුවක්කුකරු කොනර් ස්ටර්ජන් යන අය ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු එම බැංකුවේ ම සේවය කළ අයෙකු බව ද පවසනවා.
ලුවිස්විල් පොලීසිය ටිව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ එම සැකකරුගේ වයස අවුරුදු 25ක් බවයි.
අදාල සිදුවීම සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වන ලුවිස්විල් පොලිස් ප්‍රධානීවරයා පවසන පරිදි එම අවස්ථාවේදී ප්‍රතිචාර දැක්වූ පොලිස් නිලධාරීන් විසින් තුවක්කුකරු වෙඩි තබා මරා දමා තිබෙනවා.
එම තුවක්කුකරු AR වර්ගයේ ප්‍රහාරක ආයුධයක් භාවිතා කළ බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම පිළිබඳ අදහස් දැක්වූ ලුවිස්විල් නගරාධිපති ක්‍රේග් ග්‍රීන්බර්ග් ප්‍රකාශ කර සිටින්නේ, "මෙය කුමක්ද යන්න පැහැදිලි බවත් මෙය ඉලක්කගත ප්රචණ්ඩත්වය මතු කරන නපුරු ක්‍රියාවක්" බවයි.
මෙම වෙඩි තැබීම සිදුවූයේ ටෙනසිහි නැෂ්විල් හි පාසලක වෙඩික්කරුවෙකු විසින් 9 හැවිරිදි ළමුන් තිදෙනෙකු සහ වැඩිහිටියන් තිදෙනෙකු ඝාතනය කිරීමෙන් සති දෙකකට පසුවයි.
එම ප්‍රහාරයෙන් ද වෙඩික්කරු ද පාසල තුළදී පොලිසිය සමඟ ඇති වූ ගැටුමකින් මියගොස් තිබෙනවා.
මෙම ලුවිස්විල් වෙඩි තැබීම පිළිබඳව ජනාධිපති ජෝ බයිඩන් සඳුදා සවස කෙන්ටකි ආණ්ඩුකාර ඇන්ඩි බෙෂියර්ට දුරකථනයෙන් කතා කළ බව ධවල මන්දිරය පවසනවා.
ඒ අනුව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ ඇත්තේ, තුවක්කු සුරක්ෂිතව ගබඩා කිරීම සහ පසුබිම් පරීක්ෂා කිරීම වැනි දේ සම්බන්ධයෙන් එරට කොන්ග්රසය දැඩිව ක්‍රියා කළ යුතු බවයි.

Follow US

Most Viewed Stories