එලඹෙන මැයි මස 6වන දා ට යෙදී ඇති බ්‍රිතාන්‍යයේ තෙවැනි චාල්ස් රජුගේ රාජාභිෂේකය සඳහා යොදාගන්නා අශ්ව කරත්තය සම්බන්ධයෙන් බකිංහැම් මන්දිරය තොරතුරු අනාවරණය කර තිබෙනවා.
වසර 1,000ක් පැරැණි රාජකීය සම්ප්‍රදාය අගයමින් පැවැත්වෙන රාජාභිෂේක උත්සවය සඳහා චාල්ස් රජු සහ රැජිණ පැමිණීමට නියමිතව ඇත්තේ වසර 260ක් පැරැණි රනින් නිම කළ අශ්ව කරත්තයකින්.
රාජභිෂේකයෙන් අනතුරුව නව රජු සහ රැජින මෙම රාජකීය අශ්ව කරත්තයෙන් ගමන් ගන්නා බවයි සදහන් වන්නේ.
චාල්ස් රජුගේ රාජාභිෂේකය ලන්ඩන් නුවර වෙස්ට්මින්ස්ටර් ඇබේ දේවස්ථානයේ දී පැවැත්වීමට නියමිත අතර රාජකීය යුවළ ඒ වෙත රැගෙන යාම සඳහා යොදාගැනීමට නියමිතව ඇත්තේ දෙවැනි එලිසබෙත් රැජිනගේ රාජකීයත්වයේ 60 වැනි සමරුවේදී යොදාගත් දියමන්ති ජුබිලි අශ්ව කරත්තයයි.
ඕක් ලීයෙන් කළ මෙම රථයේ ඇතුළත නිර්මාණය කර ඇත්තේ ඓතිහාසික ගොඩනැගිලි සහ මන්දිරවල ආකෘති ආශ්‍රයෙන් වෙනවා.
වෙස්ට්මින්ස්ටර් ඇබේ හි පැවැත්වෙන උත්සවයෙන් පසුව චාල්ස් රජු සහ කැමිලා රැජින බකිංහැම් මන්දිරය වෙත පැමිණීමට නියමිතව ඇත්තේ කිලෝ මීටර් 7.2ක් තරම් වූ වඩාත් දිගු මාර්ගයක් ඔස්සේ බවත් වාර්තා වනවා.
මෙම රන් කරත්තය නිර්මාණය කර ඇත්තේ 1762 වසරේදී එනම් තෙවැනි ජෝර්ජ් රජුගේ සමයේදී යි.
1831 වසරේදී හතරවැනි විලියම් රජු විසින්ද එම කරත්තය සිය රාජාභිෂේකයට යොදාගෙන තිබෙනවා.
එතැන් පටන් බ්‍රිතාන්‍ය යේ පැවති සෑම රාජාභිෂේක උත්සවයක් සඳහාම මෙය යොදාගෙන ඇති අතර එය සැලකෙන්නේ එරට පැරැණිම රාජකීය අශ්ව කරත්තය ද ලෙසයි.

Follow US

Most Viewed Stories