චීන රජය විසින් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ වෛද්‍ය ප්‍රතිලාභ කප්පාදු කිරීමට ගෙන ඇති පියවරට එරෙහිව චීනයේ ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දහස් ගණනක් වූහාන් වැනි ප්‍රධාන නගරවල වීදී සටන්වලට අවතීර්ණ වී තිබෙනවා
මේ වසරේ ජනවාරි මාසයේ සිට පැවැති මෙම විරෝධතා මේ වන උච්චතම තත්ත්වයට පත් වී ඇති බවටයි වාර්තා වන්නේ.
චීන රජය මෙම වැටුප් කප්පාදුවට හේතුව ලෙස දක්වනු ලබන්නේ, පසුගිය තෙවසර තුළ COVID-19 වසංගතයේදී කොවිඩ් පරීක්ෂණ සඳහා විශාල වියදමක් දැරීමට සිදු වීමයි.
චීන මාධ්‍ය විසින් "අළු හිසකෙස් ව්‍යාපාරයක්" ලෙස නම් කරන ලද මෙම නවතම විරෝධතා මාලාව, කොවිඩ් අගුලු දැමීම්වලට එරෙහිව නොවැම්බරයේ රට පුරා පැතිර ගිය විරෝධතාවලින් පසු බලධාරීන්ට කෙරෙන ප්‍රබල තරවටුවක් ලෙස සැලකෙනවා.
CNN වාර්තා කළේ, ජනවාරි මාසයේ පෙළපාලි ආරම්භ වූ පසු, Weibo හි "Wuhan සෞඛ්‍ය රක්ෂණය" යනුවෙන් තිබි හැෂ් ටැග් ඉවත් කර ඇති බවත් සමාජ මාධ්‍යවලින් විරෝධතාවල ඡායාරූප සහ වීඩියෝ ද වාරණය කර ඇති බවයි.
කෙසේ නමුත් මෙම විරෝධතා හරහා චීන රජය මුහුණ දෙන මූලික ගැටලුවක් කරලියට ගෙනැවිත් තිබෙනවා.
එනම්, 2035 වන විට මිලියන 400 ක ජනතාවක් හෝ ජනගහනයෙන් සියයට 30 ක් වයස අවුරුදු 60 හෝ ඊට වැඩි විය හැකි වේගයෙන් වයස්ගත වන සමාජයක් රැකබලා ගන්නේ කෙසේද? යන්නයි.
විශ්‍රාමිකයින් සංඛ්‍යාව ශ්‍රම බලකායට ඇතුළු වන තරුණයින් සංඛ්‍යාව අභිබවා යාමත් සමඟ චීනයේ මහජන සෞඛ්‍ය සේවා පද්ධතිය සහ අනෙකුත් පොදු සේවාවන් වැඩි වන මූල්‍ය ආතතියට ලක්ව තිබෙනවා.
මෙම අභියෝගයට මුහුණ දීම සඳහා එරට රජය විශ්‍රාම යන වයස ඉහළ නැංවීම සඳහා කටයුතු කරමින් සිටිනවා.
නමුත් එම තීරණය ද විශ්‍රාම යාමට ආසන්න පුද්ගලයින්ගේ කෝපයට හේතු වී ඇත්තේ තම විශ්‍රාම වැටුප් ප්‍රමාද වීම නිසාවෙන්.

Follow US

Most Viewed Stories