සංචාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් වුනා
ඒ අනුව 2-0ක් ලෙස ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළා.
අයර්ලන්තයට සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 202ක් පමණයි.
අයර්ලන්තය පළමු ඉනිමට ලකුණු 492ක් ලබා ගත් අතර ශ්‍රී ලංකා පළමු ඉනිමට කඩුලු 3ක් දැවී ලකුණු 704ක් ලබා ඉනිම අත් හිටුවන්නට තීරණය කළා.
ගාලු පිටියේදී පැවැති මෙම තරගය අද උදෑසන ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි අයර්ලන්ත කණ්ඩායම කඩුලු 2ක් දැවී රැස්කර ගෙන සිටි ලකුණු සංඛ්‍යාව 54ක්.
එහිදී ලකුණු 24ක් ලබා සිටි ඇන්ඩි බල්බර්නිගේ හිස් ආවරණයේ පන්දුවක් වැදීම නිසා ඔහුට ඇති වූ කම්පන තත්ත්වය හේතුවෙන් බල්බර්නි පිටියෙන් ඉවත් වුණා.
අයර්ලන්ත ලකුණු පුවරුවට අද තවත් ලකුණු 7ක් පමණක් එක් වෙද්දී පෝල් ස්ටර්ලින් එක් ලකුණකට දවා ගන්නට ප්‍රභාත් ජයසුරිය සමත්වුණා.
ඒ සිය 50 වැනි ටෙස්ට් කඩුල්ල ලෙසින්.
මෙම කඩුල්ලත් සමගින් ප්‍රභාත් වාර්තා පොත් අතරට එක්වුණේ ශ්‍රී ලංකාව වෙනුවෙන් වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50සීමාවට පැමිණි ක්‍රීඩකයා ලෙස සහ මෙම සීමාවට වේගයෙන්ම පැමිණි දඟ පන්දු යවන්නා ලෙසටයි.
ප්රභත්ට මෙම දස්කම දක්වන්නට ටෙස්ට් තරග 7කදී ඉනිම් 11 පමණක් ගත වෙද්දි ,මීට පෙර වේගයෙන්ම ටෙස්ට් කඩුලු 50සීමාවට පැමිණි දඟ පන්දු යවන්නා බවට පත්ව තිබුණේ 1951 වසරේදී බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඇල්ෆ් වැලන්ටයින්.
එමෙන්ම ප්‍රභාත් ජයසුරියට ටෙස්ට් කඩුලු 50 සීමාවට වේගයෙන්ම පැමිණි ලොව දෙවැනි ක්‍රීඩකයාගේ වාර්තාවේ සමහිමිකරුන් බවට පත් වුණේ දකුණු අප්‍රිකාවේ වර්නන් ෆිලැන්ඩර් සහ එංගලන්තයේ තෝමස් රිචඩ්සන් සමගයි.
තරග 6කින් කඩුලු 50සීමාවට පැමිණි ඔස්ට්‍රේලියාවේ චාර්ල්ස් ටර්නර් වසර 135ක් පුරා තවමත් මෙහි ලෝක වාර්තාවට හිමිකම් කියනවා.
ලෝර්කන් ටකර්ගේ ඉනිම ලකුණු 13කට සීමා වුණා.
තවද මෙම ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය ශ්ර්රී ලාංකික ක්‍රීඩකයින්ගේ දක්ෂතා රැසක් පෙන්නුම් කරනු ලැබුවා. .

Follow US

Most Viewed Stories