පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීතිවිරෝධි බව එරට ශ්‍රේෂ්ඨාධිකරණය මීට ටික වේලාවකට පෙර ප්‍රකාශ කළා.
අද(11) පස්වරුවේ දැඩි රැකවල් මධ්‍යයයේ ඔහුව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත රැගෙන එනු ලැබුවේ ඉම්රාන් ඛාන්ගේ නීතිඥයින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමින්.
ඉස්ලාමාබාද් අධිකරණ පරිශ්‍රයේදී ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය මෙහිදී දැඩි ලෙස දොස් පවරා ඇති අතර පැයක් තුළ ඔහු ශ්‍රේෂ්ඨාධිකරණයට රැගෙන එන ලෙස නියෝග කර තිබුණා.
ඛාන් අත්අඩංගුවට ගැනීමත් සමග පාකිස්තානයේ පැවති විරෝධතා අතරතුර මියගිය පුද්ගලයින් සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා.
පොලීසිය සහ විරෝධතාකරුවන් අතර පැවැති ගැටුම්වලින් විරෝධතාකරුවන් 08 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එමෙන්ම විරෝධතාකරුවන් 1750 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර විදෙස් මාධ්‍ය වාර්තා කළේ විරෝධතා අතරතුර කලහකාරී ලෙස හැසිරුණු පුද්ගලයින් 1400ක පමණ පිරිසක් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

Follow US

Most Viewed Stories