තවත් ලාංකික කාන්තාවක් මහල් නිවාසයකින් ඇද වැටී ජිවිතක්ෂයට

Thursday, 25 May 2023 - 13:06

%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%BD%E0%B7%8F%E0%B6%82%E0%B6%9A%E0%B7%92%E0%B6%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%87%E0%B6%AF+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%93+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%AD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%BA%E0%B6%A7
මැලේසියාවේ ගෘහ සේවයේ නියුතු ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයක දෙවැනි මහලෙන් වැටී ජිවිතක්ෂයට පත්ව තිබෙනවා.

මෙලෙස ජිවිතක්ෂයට පත්වී ඇත්තේ කුරුණෑගල - කොබෙයිගනේ අරලු‍ගස්වැව ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි වියේ පසුවූ එක්දරු මවක්.

පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින මාලබේ ප්‍රදේශයේ පදිංචි ඇයගේ හිතවතෙකුගේ මාර්ගයෙන් විදේශ ගතව තිබුනේ සංචාරක වීසා බලපත්‍රයක් මතයි.

පසුගිය 23 වන දින ඇය තම සැමියා සමග දුරකතනයෙන් පවසා ඇත්තේ අදාල නිවසේ තමන්ට සේවය කිරීමට නොහැකි බවත් තමන් වෙනත් ස්ථානයක සේවය කිරීමට කටයුතු කරන බවයි.

එවන් පසුබිමක ඊයේ රාත්‍රියේ ඇය සිටි මහල් නිවාසයේ දෙවන මහලේ ජනේලයකින් ඇද වැටි ජිවිතක්ෂයට පත්ව ඇති බවට දැනුම්දී තිබෙනවා. කෙසේ වෙතත්, ඇගේ සැමියා චෝදනා කරන්නේ මෙම මරණය සැක සහිත බවයි.

මීට පෙර ද සිංගප්පූරුවේදී ශ්‍රී ලාංකික කාන්තාවක් මහල් නිවාස සංකීර්ණයකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්වී තිබුණා.

පුත්තලම - මොටැමුල්ල, ඉහලවෙළවත්ත ප්‍රදේශයේ පදිංචි මෙම කාන්තාව ඊට පෙර ප්‍රකාශ කර තිබුණේ ඇය සේවය කළ නිවසේ පුද්ගලයන්ගෙන් විවිධ කරදර එල්ල වූ බවටයි.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories