ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර අයදුම්කරුවන්ගෙන් අරමුදල් ඉල්ලා සිටින තැරැව්කරුවන් පිළිබඳ HIRU CIA හෙළිදරව්වෙන් පසුව එම ජාවාරමට සම්බන්ධ තවත් තැරැව්කරුවන් (මැදියන්) තිදෙනෙකු අද(25) අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති මුළු සැකකරුවන් සංඛ්‍යාව 19ක්.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සේවා ලබාගැනීමට පැමිණෙන ජනතාවට ඒවා කඩිනමින් ලබාදෙන බවට පොරොන්දු වෙමින් මුදල් ලබාගන්නා පුද්ගලයින් කණ්ඩායමක් පිළිබදව හිරු සී.අයි.ඒ ඊයේ විශේෂ අනාවරණයක් සිදු කළා.
ඇතැම් අවස්ථාවල මෙම පුද්ගලයන්ට දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේද ආශිර්වාදය ලැබෙන බවටයි එහිදී චෝදනා එල්ලවුණේ.
මෙම අනාවරණයෙන් පසු වගකිවයුතු අංශ මේ පිළිබදව කඩිනම් අවධානය යොමුකර තිබුණා.
ඒ අනුව මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙන්ම අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ සහය ලබාගෙන ඇති බවයි ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය කියා සිටියේ.
එමෙන්ම, ජුනි මස මුල සිට ජනතාව කිසිම විටෙක තම විදේශ ගමන් බලපත්‍රය සකස් කරගැනීම සදහා ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත පැමිණීම අවශ්‍ය නොවනු ඇති.
ඒ අනුව විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ අයදුම්පත්‍රය ඔන්ලයින් ඔස්සේ යොමුකළ හැකි බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ.
ඊට අදාළ ගෙවීම් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ගිණුමකට බැරකළ හැකි අතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත සිය ඇඟිලි සළකුණු ලබාදිය හැකියි.
පසුව දින තුනක් තුල විදේශ ගමන් බලපත්‍රය ලියාපදිංචි තැපෑලෙන් නිවසට ලබාදෙන බවයි ආගමන විගමන පාලකවරයා සඳහන් කළේ.

Follow US

Most Viewed Stories