අම්බලන්ගොඩ වෙඩිතැබීමක්- වෙඩික්කරුට ඉලක්කය වරදී (වීඩියෝ)

Friday, 26 May 2023 - 7:20

%E0%B6%85%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%BD%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A-+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B6%A7+%E0%B6%89%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A%E0%B6%BA+%E0%B7%80%E0%B6%BB%E0%B6%AF%E0%B7%93+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
වතුගෙදර ආදාදොල ප්‍රදේශයේ ඊයේ (25) රාත්‍රී වෙඩි තැබීමක් සිදු වුවත් වෙඩික්කරුට ඉලක්කය වැරදි ඇතැයි අම්බලන්ගොඩ පොලීසිය පවසනවා.

අම්බලන්ගොඩ කෝටිපති ව්‍යාපාරික හැළඹගේ පේමසිරි ඝාතනයේ ප්‍රධාන සැකකරු ඉලක්ක කර මේ වෙඩි තැබීම සිදුව ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බව සඳහන්.

ඔහු අසල්වාසී නිවසක පැවති මඟුල් ගෙයක් සදහා සිය පුතා සමග යතුරු පැදියෙන් යමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලීසිය පවසන්නේ.

යතුරු පැදියකින් පැමිණි නාදුනන තුවක්කුකරුවන් දෙදෙනකු මේ වෙඩි තැබීම සිදුකර ඇති අතර වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් පැන සිය දරුවා සමග ඒ අසල වෙලකට පැන දිවි ගලවා ගෙන ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories