වතු කම්කරුවන් සඳහා ස්ථිර ලිපිනයන් ලබා දීමට ඇති අවස්ථාව සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්වරයා මේ වන විට කරුණු අධ්‍යයනය කරමින් සිටින බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
ඒ වතු කම්කරුවන්ට ස්ථිර ලිපිනයන් නිකුත් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මාවතගම, මුවන්කන්ද වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ ඊයේ කැඳවූ අවස්ථාවේදීයි.
දිවයිනේ වතු 277 ක් ආශ්‍රිතව වතු කම්කරුවන් හාර ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වාසය කරන අතර ඔවුන්ට ස්ථිර ලිපින නොමැති බැවින් එදිනෙදා කටයුතු කිරීමේදී මෙම පිරිස් දැඩි අපහසුතාවන්ට මුහුණදෙන බවයි එම පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍යවරයා, වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා, එම අමාත්‍යංශයේ ලේකම් ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. පෙත්සම ඊයේ කැඳවූ අවස්ථාවේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉල්ලා සිටියේ මෙම කරුණ සම්බන්ධයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදුකෙරෙන කරුණු අධ්‍යයනය කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රගතිය දැනුම්දීමට දිනයක් ලබාදෙන ලෙසයි.
ඒ අනුව අදාළ පෙත්සම සැප්තැම්බර් 13 වනදා කැඳවීමට ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල එහිදී නියෝග කළා.

Follow US

Most Viewed Stories