මෙරටින් හමුවූ ලොව විශාලතම මැණික් පොකුර බව පැවසෙන මැණික් පාෂාණය තක්සේරු කිරීමේදී, යම් මුලාවක් සිදු වී ඇති බව කෝප් කමිටුවේ දී අනාවරණ කර තිබෙනවා.
ඒ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් එම කමිටුව හමුවට කැඳ වූ අවස්ථාවේදීයි.
කමිටු සාමාජික අනුර ප්‍රියදර්ශන යාපා සඳහන් කළේ එම මැණික් පාෂාණය සම්බන්ධයෙන් ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු කළ ආකාරය එහි වෘත්තීයභාවයට නොගැලපෙන බවයි.
එහිදී ඔහු අදාළ පුද්ගලයින්ගෙන් විමසුවේ මේ වගේ ක්ලස්ටර්ස් හැම තැනම ඇති බවත් මෙවැනි බොරුවක් කළේ ඇයි ලෙසත් ය.
මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක් වූ අනුර ප්‍රියදර්ශන,
"හිටපු සභාපතිවරයානේ මේ ලොකු කතාවක් කරලා ටී.වීවල දාලා ලෝකේ තියෙන ලොකුම මැණික් ගල හම්බුණා.. මිල නියම කරන්න බැහැ කියලා කිව්වේ. මම කියන්නේ මේක නිලධාරීන් හැටියට කවුරු කිව්වත් ඔයාලගේ වෘත්තීය නිපුනත්වය බාල්දු වෙච්ච අවස්ථාවක්."
එහිදී මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා දැක්වූයේ මෙවන් අදහසක්,
"ඕක අර කිව්වා වගේ ගිනස් රෙකෝර්ඩ් එකක් අරං තියෙනවා. BIGGEST SAPPHIRE කියන එක. ඒක අරගෙන එයාලා උත්සාහ කරලා තියෙනවා ප්‍රදර්ශනයට දාලා විකුණන්න, ඒක විකුණගන්න බැරි වෙලා තියෙනවා''

Follow US

Most Viewed Stories