ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් සහ එහි සභාපතිනිය අතර ගැටුම උග්‍ර වී ඇති බවත්, කොමිසමේ ඇති වූ අවාසනාවන්ත තත්ත්වය පැහැදිලි කිරීම සඳහා තමා ඇතුළු කොමසාරිස්වරු තිදෙනකු ජනාධිපතිවරයා සමඟ හදිසි සාකච්ඡාවක් ඉල්ලා ඇති බවත් එහි කොමසාරිස් ආචාර්ය විජිත නානායක්කාර සඳහන් කරනවා.
සභාපතිනිය හා කොමසාරිස්වරු අතර ගැටුම ආරම්භ වුයේ සභාපතිනිය තම අවශ්‍යතාවට අනුව පරීක්ෂණ කිහිපයක් කිරීම සහ දේශපාලන උත්තේජනයෙන් ක්‍රියාකිරීම නිසා යැයි ආචාර්ය විරිත නානායක්කාර, ආචාර්ය නිමල් කරුණාසිර් සහ කනේපියරතන හිමි යන කොමසාරිස්වරුන් තිදෙනා ජනපතිට යොමු කළ ලිපියේ සඳහන්.
මේ පිළිබඳ වැඩිදුර අදහස් දැක් වූ ආචාර්ය නානායක්කාර,
"ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අපට අවශ්‍ය ප්‍රධාන කාරණය වන්නේ කොමසාරිස්වරුන්ගේ අදහස් නොතකා සභාපතිනිය අත්තනෝමතික තීරණ ගැනීමයි තීරණ ගැනීමේදී ඇය කොමසාරිස්වරුන් සම්පූර්ණයෙන්ම නොසලකා හැරීම ගැන කොමසාරිස්වරුන්ගෙන් බහුතරයක් සිටින්නේ නොසතුටින්, ඇත්තටම මේක අලුත් ප්‍රශ්නයක් නෙවෙයි. එතුමිය සභාපතිනිය ලෙස පත් වූ දා සිටම මේක වුණා. දැන් කොමිසමේ වැඩ කරන්න බැරි තැනකට ඇවිත් තියෙනවා. අපි අමාත්‍යාංශයක් යටතට එන්නේ නැහැ. අපි කෙළින්ම ජනාධිපති ලේකම් කාර්යාලය යටතට ගැනෙන්නේ. අපි හොයන්නේ මේ ප්‍රශ්නයට විසඳුමක්. එක්කෝ අපිව අයින් කරලා සභාපතිනිය තියගන්න ඕනෑ. නැත්තම් එයා අයින් කරලා අපිව තියාගන්න ඕනෑ. නැත්තම් අපි ඔක්කොම අයින් කරන්න. නීතියට පටහැනිව සිදු වෙමින් පවතින මේ ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම මානව හිමිකම් පනත උල්ලංඝනයක්. මානව හිමිකම් කොමිසමේ පනතට අනුව කොමිසම සාමාජිකයන් පස්දෙනකුගෙන් සමන්විත විය යුතුයි. එහි බලය ඇත්තේ කොමිසන් සභාවට. කොමිසමේ ප්‍රධාන විධායක නිලධාරිනිය ලෙස සභාපතිනියට පරිපාලනමය තීරණ කිහිපයක් ගත හැකියි. ඒත් එය යමෙකු පත් කිරීම, මාරු කිරීම හෝ මුදල් සම්බන්ධ කාරණා නෙවෙයි. මේවා කොමිසම යටතට එනවා. එහෙත් ඇය කොමිසමෙන් නියෝග නොවිමසා ඇතැම් තීරණ ගෙන තියෙනවා. ඒක තමයි මෙතන තියෙන ප්‍රශ්නය. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අපට තිබෙන එකම විකල්පය ජනාධිපතිතුමාට ලිඛිතව දැනුම්දීමයි. අවාසනාවට මේ ගැන සාකච්ඡා කරන්න අපිට තවම ජනාධිපතිතුමා එන්න වෙලාවක් දීලා නෑ.''
සෙසු කොමසාරිස්වරුන් හතර දෙනාගෙන් විමසීමක් නොකර මහජන ආරක්ෂක අමාත්‍යවරයා කැඳවීමට අත්තනෝමතික ලෙස තීරණය කිරීමට මානව හිමිකම් කොමිසමේ සභාපතිනිය මේ වසරේ මාර්තු මාසයේදී ගත් තීරණය ආන්දෝලනයට තුඩු දුන් අතර තමන් එවැනි තීරණයක් නොගත් බව මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරුන් සිවුදෙනා එම අවස්ථාවේදී අවධාරණය කර තිබෙනවා.

Follow US

Most Viewed Stories