මොනරාගල, වොල්වත්ත ප්‍රදේශයේ ඉඩමක නිදන් හාරමින් සිටි පිරිසක් ඊයේ (25) අත්අඩංගුවට ගැනීමට මොනරාගල පොලිසියේ නිලධාරීන්ට හැකි වී තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනෙකු සිට ඇති අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශක කොට්ඨාසය පවසන්නේ ඔවුන් වයස අවුරුදු 32, 46 හා 56 වියේ පසුවන අය බවයි.
මොවුන් මහඔය, වත්තේගම, ගල්කිරියාගම, හා දඹුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන්.
වැටලීමේදී පූජා භාණ්ඩ ඇතුළු කැණීම් සඳහා යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් භාරයට ගත් බව පොලිසිය පවසනවා.
සැකකරුවන් සිව් දෙනා මොනරාගල මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන කටයුතු මොනරාගල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මේ අතර ඊයේ (25) මතුගම, රන්නගල ප්‍රදේශයේදී ද නිදන් හාරමින් සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට මතුගම පොලිසියට හැකි වී තිබෙනවා.
වැටලීමේදී සැකකරු සන්තකයේ තිබූ පූජා භාණ්ඩ ඇතුළු කැණීම් සඳහා යොදා ගන්නා ලද උපකරණ ද පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.
සැකකරු අඟුරුවාතොට ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34ක පුද්ගලයෙක්. ඔහු මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍රිමට නියමිතයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන මතුගම පොලිසිය විසින් සිදු කරනු ලබනවා.

Follow US

Most Viewed Stories