කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥ හවුවීම් ශාලාවේ පුටුවක් බෙදා ගැනීමට නොහැකිව නීතීඥවරයකුට තවත් නීතිඥවරයකු විසින් පහර දී බැණ තර්ජනය කළ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (25) කෙසෙල්වත්ත පොලීසියට පැමිණිල්ලක් ලැබී තිබෙනවා.
පහර කෑමට ලක් වූ නීතිඥවරයා රෝහලේ නතරවන බව පවසමින් අධිකරණ පෝරමයක් ද රැගෙන පිටව ගොස් ඇති බවයි වාර්තා වී ඇත්තේ.
අදාළ නීතිඥවරයා පුටුවක වාඩි වී සිටිය දී පහරදුන් බව කියන නීතිඥවරයා හා තවත් දෙදෙනෙකු පැමිණ ඔහුගේ ඇගේ හැප්පී තිබෙනවා.
ඒ අවස්ථාවේ දී අදාළ නීතිඥවරයා ''ඇයි අයියේ අවුලක්ද ?'' ලෙස අසා තිබෙන අතර පහරදුන් බව කියන නීතිඥවරයා ''උබ මොකද මෙතන වාඩිවෙලා ඉන්නේ නැගිටලා පලයන් '' ලෙස පවසමින් කම්මුලට පහරක් එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.
අදාළ සිදුවීම සිදුවන අවස්ථාවේ අධිකරණ කටයුතු සඳහා බොහෝ පිරිසක් එම ස්ථානයේ සිටි බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කර ඇත්තේ.

Follow US

Most Viewed Stories