ඊයේ (25) ගම්පහ ප්‍රදේශයේ කරන ලද වැටලීමකදී පෙතියාගොඩ හන්දියේදී හෙරොයින් ග්‍රෑම් 06, මිලි ග්‍රෑම් 230ක් සමඟ සැකකරුවකු අත්අඩංඟුවට ගෙන තිබෙනවා.
සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44ක පුද්ගලයෙක් බවයි පොලිසිය පැවසුවේ.
අද (26) සැකකරු ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිර්‍ර්මට නියමිතයි.
මේ අතර වත්තල ප්‍රදේශයේ මාබෝල හන්දියේදී ද ඊයේ (25) හෙරොයින් ග්‍රෑම් 05, මිලිග්‍රෑම් 850ක් සන්තකයේ තබා ගෙන සිටි පුද්ගලයකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට පත් සැකකරු 31 හැවිරිදි වත්තල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු අද (26) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර වැඩිදුර විමර්ශන වත්තල පොලිසිය විසින් සිදු කරනු ලබනවා.
මොරටුව, ලුනාව ප්‍රදේශයේදී ඊයේ (25) හෙරොයින් ළඟ තබා ගෙන සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඇය සන්තකයේ හෙරොයින් ග්‍රෑම් 5, මිලිග්‍රැම් 100ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට පත් 41 හැවිරිදි සැකකාරිය මොරටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිර්‍ර්මට නියමිතයි.
මොරටුව පොලිසිය විසින් වැඩිදුර විම්ර්ශන සිදු කරනු ලබනවා.
Follow US







Most Viewed Stories