ගුවන්තොටුපොළ ප්‍රභූ පර්යන්ත හරහා (වී.අයි.පී - වී.වී.අයි.පී) පැමිණෙන සියලුම ප්‍රභූන් සහ ඔවුන්ගේ ගමන්මලු දැඩි පක්‍ෂාවට ලක් කිරීම ගුවන්තොටුපොළ රේගුව විසින් පෙරේදා (23 වැනිදා) රාත්‍රී සිට ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ප්‍රභූ පර්යන්ත හරහා ගුවන්තොටු පොළෙන් පිටව යන සහ පැමිණෙන සියලුම දේශපාලනඥයන් රාජතාන්ත්‍රික නිලධාරී ඇතුළු සියලුම ප්‍රභූන් මින් ඉදිරියට ගුවන්තොටුපොළ පර්යන්ත රේගු නිලධාරින්ගේ දැඩි පරීක්‍ෂාවට ලක් කෙරෙන බවයි වාර්තා වී ඇත්තේ.
මෙම පරීක්‍ෂා කිරීම් ආරම්භ කිරීමත් සමගම පෙරේදා (23 වැනිදා) රාත්‍රියේ ප්‍රභූ පර්යන්තය හරහා නීති විරෝධි ලෙස රැගෙන ආ විදුලි උපකරණ තොගයක් අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් වී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් රුපියල් කෝටි 8 ක් වටිනා රත්‍රං සහ ජංගම දුරකථන තොගයක් රැගෙන එද්දී අත්අඩංගුවට ගැනීමේ සිද්ධියෙන් පසු රේගු බලධාරීන් විසින් මෙම ප්‍රභූ පර්යන්ත හරහා එන ප්‍රභූන් පරීක්‍ෂා කිරීමේ තීරණය ගත් බවයි වාර්තා වන්නේ.
ගුවන්තොටුපොළ රේගු බලධාරීන් පවසන්නේ මෙම ප්‍රභූ පර්යන්තය හරහා දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රභූ පුද්ගලයන් තහනම් භාණ්ඩ අති විශාල ප්‍රමාණයක් මෙරටට රැගෙන එන්නට ඇති බවයි.
රත්‍රං, මැණික්, මුදල් මෙන්ම මත්ද්‍රව්‍ය පවා මෙම ප්‍රභූ පර්යන්ත හරහා රටට ගෙන එන්නට ඇති බවට විශ්වාස කරන බව ඔවුහු වැඩිදුරටත් සඳහන් කළා.
ගුවන්තොටුපොළ රේගු බලධාරීන් පවසන්නේ මින් ඉදිරියට මෙම ප්‍රභූ පර්යන්ත හරහා පැමිණෙන සහ පිටව යන ප්‍රභූන් තරාතිරම නොබලා පරීක්ෂා කිරීමට තමන්ට රේගු මූලස්ථානයෙන් නියෝග ලැබුණු බවයි.

Follow US

Most Viewed Stories