සියරාලියෝන්හි ෆ්‍රීටවුන් අගනුවර පිහිටි වසර 400ට වඩා පැරණි යැයි විශ්වාස කෙරෙන දැවැන්ත කපු පුළුන් වෘක්ෂයක් කුණාටුවකට හසු වීමෙන් කඩා වැටී තිබෙනවා.
මෙම සුවිශාල වෘක්ෂය එරට මුල් පදිංචිකරුවන්ගේ නිදහසේ සංකේතයක් ලෙසින් පිළිගනු ලැබුවා.
අධික වර්ෂාවත් සමග හටගත් සුළිකුණාටු තත්වයක් සමග විශාල පුළුන් වෘක්ෂය බිමට පෙරළී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මීට පෙර ද කුණාටු තත්වයන්ට හසු වී ගසෙහි අතු කිහිපයක් විනාශ වී තිබුණත්, මෙම දැවැන්ත වෘක්ෂය තවත් දීර්ඝ කාලයක් සුරැකිව පවතිනු ඇති බවට, ජනතාව තුළ විශ්වාසය හටගෙන තිබුණා.
ඇතැම් පිරිස් එම වෘක්ෂය ඔවුන්ගේ ලෙඩ රෝග සහ කරදර සුවපත් කිරීමට දේව ආශිර්වාදයක් ලෙස ද පිළිගෙන තිබෙනවා.
සියරාලියෝන් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, මෙය ජාතික උරුමයක් විනාශ වීමක් බවයි.
විනාශයට පත් පුළුන් ගස සියරාලියෝන් මුදල් නෝට්ටුවලට ද ඇතුළත් කර තිබීම සුවිශේෂී කරුණකි.

Follow US

Most Viewed Stories