මාධ්‍ය වාර්තා පළ වූ ආකාරයට තමන් ජීවත් වන නිවසට අයත් වත්තේ ගංජා පැල 25ක් වගා කර නොතිබූ අතර තිබුනේ ගංජා පැල 8ක් පමණක් බව ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පවසනවා. එමෙන්ම තමන් එම නිවසේ ජිවත් වන නමුත් නිවසේ හිමිකාරිත්වය ඇත්තේ තම මාමණ්ඩියට බව ද ඔහු සඳහන් කරනවා.
ගොඩකවෙල පොලීසියට ලද තොරතුරක් ගොඩකවෙල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වාසය කරන නිවස පරික්ෂා කිරීමේ දී නිවසේ ස්ථාන කිහිපයක අඩි 3ක පමණ ගංජා ගස් සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.
එම අවස්ථාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා නිවසේ නොසිටි නිසා ඔහුගේ බිරිඳගේ පියා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව එම සැකකරු සහ එම ගංජා පැල ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරු විසින් වරද පිලිගැනීම හේතුවෙන් ඔහුට රුපියල් හය දහසක දඩයක් නියම කර තිබෙනවා.

Follow US

Most Viewed Stories