හොර පාරෙන් රත්‍රං සහ ජංගම දුරකථන ගෙන ආ අලී සබ්රි රහීම් මන්ත්‍රී ධුරයෙන් ඉවත් කරන්න යෝජනාවක්

Friday, 26 May 2023 - 20:29

%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82+%E0%B7%83%E0%B7%84+%E0%B6%A2%E0%B6%82%E0%B6%9C%E0%B6%B8+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B6%AE%E0%B6%B1+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1+%E0%B6%86+%E0%B6%85%E0%B6%BD%E0%B7%93+%E0%B7%83%E0%B6%B6%E0%B7%8A%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B7%84%E0%B7%93%E0%B6%B8%E0%B7%8A+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%B0%E0%B7%94%E0%B6%BB%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%89%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A
නීතිවිරෝධි ලෙස රත්‍රන් මෙරටට රැගෙන ඒමේදී රේගු අත්අඩංගුවට පත්වී රුපියල් මිලියන 7.5 ක දඩ මුදලක් ගෙවීමෙන් පසු මුදාහැරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම්ට සිය කැමැත්තෙන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට යෝජනාවක් අද (26) පක්ෂ නායක රැස්වීමට ඉදිරිපත් වුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් විසින් ගෙන ආ එම යෝජනාව ස්ථිර කර ඇත්තේ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල විසින්.

එසේම මෙම යෝජනාවට ආණ්ඩු පක්ෂයේ නියෝජිතයින් ද සහාය පළකර තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඒ අනුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ අනෙකුත් සියලුම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව එම යෝජනාව පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්රි රහීම් වෙතට යොමුකිරීමට පක්ෂ නායක රැස්වීමේදී එකඟත්වය පළවූ බවද සඳහන්.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories