අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දනුක සොයිසා මහතා තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.
දනුක සොයිසා මහතා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ බෑණා බව අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කළා.
අද(26) උදෑසන 7.30ට පමණ මෙම වෙඩි තැබීම සිදුව තිබුණේ අම්බලන්ගොඩ රන්දොඹේ ප්‍රදේශයේදීයී.
අම්බලන්ගොඩ ධර්මාශෝක විදුහලේ නියෝජ්‍ය විදුහල්පති දනුක සොයිසා මහතා සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු ඔහු වෙත වෙඩි තැබීම සිදු කර තිබුණා.
වෙඩි වැදීමෙන් උරහිසකට තුවාල සිදු වූ නියෝජ්‍ය විදුහල්පතිවරයා යතුරුපැදියෙන්ම පැමිණ ඇත්තේ අම්බලන්ගොඩ පොලිස් ස්ථානය වෙතයි.
පොලිසිය අසලදී යතුරු පැදිය සමග බිම ඇද වැටී තිබූ නියෝජ්‍ය විදුහල්පතිවරයාට කඩිනමින් බලපිටිය මූලික රෝහල වෙත ඇතුළත් කිරීමට පොලිස් නිලධාරීන් පියවර ගෙන තිබුණා.
නියෝජ්‍ය විදුහල්පතිවරයා ශල්‍යකර්මයකටද භාජනය කර ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවුණා.
වෙඩි ප්‍රහාරයට ලක්වූ දනුක සොයිසා මහතා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන කොස්ගොඩ සුජී නමැත්තාගේ බෑණා බව අනාවරණය වී තිබෙනවා.
වෙඩි තැබීම සඳහා යොදාගත් බවට සැක කෙරෙන යතුරුපැදිය පොලිසිය විසින් සොයා ගනු ලැබුවේ බෙන්තොට කොම්වල රවුම් පාරේ හුදකලා ප්‍රදේශයක දමා ගොස් තිබියදීයී.
119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ප්‍රදේශවාසීන් සිදු කළ දැනුම් දීමකට අනුව යතුරුපැදිය සොයාගත් අතර එය කඳාන ප්‍රදේශයෙන් සොරකම් කළ යතුරුපැදියක් බවට පොලිසිය කරුණු අනාවරණ කරගෙන තිබෙනවා.
කෙසේවෙතත් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.
මේ අතර අම්බලන්ගොඩ වතුගෙදර ආඳාදොළ පන්සල මාර්ගයේදී ඊයේ(25) රාත්‍රියේ තවත් වෙඩි තැබීමක් සිදුව තිබුණා.

Follow US

Most Viewed Stories