මැලේසියාවේ මහල් ගොඩනැගිල්ලක දෙවැනි මහළෙන් ඇද වැටී මෙරට කාන්තාවක් මියගොස් ඇති බව අප ඊයේ(25) හිරු ප්‍රවෘත්ති තුළින් වාර්තා කළා.
මෙලෙස මියගොස් ඇත්තේ කුරුණෑගල - කොබෙයිගනේ ප්‍රදේශයේ පදිංචි නිලන්ති බණ්ඩාර නැමැති 42 හැවිරිදි එක් දරු මවක්.
පසුගිය වසරේ දෙසැම්බර් 18 වන දින නිලන්ති සිය හිතවතෙකුගේ මාර්ගයෙන් ගෘහ සේවය සඳහා මැලේසියාවට ගොස් තිබුණේ සංචාරක වීසා බලපත්‍රයකින්
පසුගිය 23 වැනිදා ඇය තම සැමියා සමග දුරකතනයෙන් පවසා ඇත්තේ අදාළ නිවසේ තමන්ට සේවය කිරීමට නොහැකි බවයි.
ඒ අනුව තමන් වෙනත් ස්ථානයක සේවය කිරීමට කටයුතු කරන බවත් ඇය පවසා තිබුණා.
නිලන්තිගේ නිවැසියන්ට ඇය ගැන අසුභ පුවතක් වාර්තා වන්නේ එවන් පසුබිමකයි.
නිලන්ති මහල් නිවාසයක දෙවැනි මහලින් ඇදවැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවටයි ඇගේ මිතුරියක් දැනුම් දී ඇත්තේ.
කෙසේ වෙතත් නිලන්තිගේ සැමියා චෝදනා කරන්නේ සිය බිරිඳගේ මරණය සැක සහිත බවයි.

Follow US

Most Viewed Stories