අමාත්‍ය ජිවන් තොණ්ඩමන්ගෙන් පොලිස් නිලධාරීන්ට තර්ජනයක් (ඡායාරූප/වීඩියෝ)

Sunday, 25 June 2023 - 17:19

%E0%B6%85%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%92%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%9C%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%AD%E0%B6%BB%E0%B7%8A%E0%B6%A2%E0%B6%B1%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%2F%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
බගවන්තලාව පොලිසිය විසින් සැකපිට තරුණයෙකු අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව එම සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට උරණ වු ජල සම්පාදන අමාත්‍ය ජිවන් තොණ්ඩමන් ඇතුළු ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් පෙරේදා(24) දින පස්වරුවේ බගවන්තලාව නගරයට ගොස් බගවන්තලාව පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් කැඳවා බැන තර්ජනය කර ඇතැයි අප වාර්තාකරු පවසනවා.

බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුවක කලමණාකාරවරයා සහ ගණුදෙණුකරුවෙකු අතර ඇති වුවේ යැයි කියන බහින් බස් විමක් හමුවේ පසුගිය 22වැනි දින කලමණාකාරවරයා විසින් බගවන්තලාව පොලිසිය
වෙත කරන ලද පැමිණිල්ලක් මත බගවන්තලාව පොලිසිය විසින් සැකකරුව බගවන්තලාව නගර මධ්‍යයේදි අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් එම්.ෆරුක්ඩින් වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුව මේ මස 26 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබ තිබෙනවා.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ බගවන්තලාව කර්කස්වොල් වතුයායේ පදිංචි සෙවුනු කලෙයිචෙල්වම් (28) හැවිරිදි දෙදරු පියෙක්.

සැකකරු බගවන්තලාව නගරයේ පිහිටි රාජ්‍ය බැංකුව වෙත පැමිණ ඔහුගේ මිතුරෙකුගේ ගිණුමක ශේෂය පිලිබදව මුදල් කවුළුවෙන් විමසා ඇති අතර, එහිදි බැංකුවේ නිලධාරින් විසින් පවසා ඇත්තේ වෙනත් ගණුදෙණුකරුවෙකුගේ බැංකු ගිණුම් තොරතුරු පිලිබදව වෙනත් පාර්ශවයකට ලබාදිය නොහැකි බවයි.

එම අවස්තාවේ උරණ වු සැකකරු බැංකු සේවකයින් සහ කලමණාකාරවරයා සමග බහින් බස් විමක් ඇති වි පසුව එය දුර දිග යාමෙන් අනතුරුව කලමණාකාරවරයා විසින් ඒ සම්බන්ධයෙන් බගවන්තලාව පොලිසිය පැමිණිල්ලක් කර තිබෙනවා.

ඉන්පසු සැකකරු අත්අඩංගුවට ගැනිමට ක්‍රියාකල පොලිස් නිලධාරින් තිදෙනාට වහාම ස්ථාන මාරුවිම් ලබාදෙන ලෙසත්, එම නිලධාරින් තිදෙනාගෙන් එක් නිලධාරියෙක් කොටගල පිහිටි ලංකා කම්කරු කොන්ග්‍රස් මුලස්ථානයේ රාජකාරි සදහා අනුයුක්ත කරන ලෙසද අමාත්‍ය ජිවන් තොණ්ඩමන් පොලිස් ස්ථානාධිපතිවරයා හමුවේ පවසා ඇතැයි වාර්තාකරු පවසනවා.

සැකකරු අත්අඩංගුවට ගත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පදිංචි පොලිස් නිලධාරියාගෙන් ඔහු පදිංචි ප්‍රදේශය විමසා පසුව අමාත්‍යවරයා විසින් නැගෙනහිර පළාත් භාර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් හට එම ස්ථානයේදි දුරකථන ඇමතුමක් ලබාගෙන එම පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් සියළුම තොරතුරු ලබා දි ඔහු පිලිබදව බලාගන්නා ලෙසද ජිවන් තොණ්ඩමන් අමාත්‍යවරයා විසින් සෙන්දිල් තොණ්ඩමන් හට උපදෙස් ලබාදුන් බව එම ස්ථානයේ රැදි සිටි බගවන්තලාව ප්‍රදේශවාසින් කියා සිටින බවයි වාර්තා වෙන්නේ.

තවද බගවන්තලාව පොලිසිය වෙත ප්‍රාදේශිය සභාව විසින් ලබා දි ඇති පානිය ජල සම්බන්ධතාවය පවා විසන්ධි කිරිමට තමන් ක්‍රියාකරන බවට අමාත්‍යවරයා විසින් පොලිස් නිලධාරින් හමුවේ තර්ජනය කර තිබෙනවා.

අමාත්‍යවරයාගේ දුරකථන ඇමතුමක් පරිදි බගවන්තලාව නගරය වෙත ගිය හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම හමුවේ අමාත්‍ය ජිවන් තොණ්ඩමන් මහතා පවසා ඇත්තේ වහාම ක්‍රියාත්මක වන පරිදි සැකකරු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා හැටන් පොලිස් කොට්ඨාශයෙන් ස්ථාන මාරු කිරිමට පියවර ගන්නා ලෙසයි.

එහිදි පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා ඇත්තේ සැකකරු අත්අඩංගුවට ගැනිම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පලවු දර්ශන පදනම් කර ගනිමින් මේ වන විටත් තමන් විසින් විමර්ෂණයක් ආරම්භ කර ඇති බවත්, එම විමර්ෂණය අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එම විමර්ෂණය අවසන් වන තෙක් සැකකරුවන් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරින් තිදෙනා ස්ථාන මාරු කිරිමට නොහැකි බවද පොලිස් අධිකාරිවරයා අමාත්‍යවරයා හමුවේ පවසා තිබෙනවා.

අමාත්‍ය ජිවන් තොණ්ඩමන් බගවන්තලාව නගරයට පැමිණි අවස්තාවේ ඔහුගේ මාධ්‍ය ඒකකයෙන් එම ස්ථානයේ රැදි සිටි කිසිදු අයෙකුට ජංගම දුරකථනවලින් දර්ශන පටිගත නොකරන ලෙසට පවසා ඇති අතර එය අධික්ෂණය කිරිමට එම ස්ථානයේ සිටි ලංකා කම්කරු කොන්ග්‍රසයේ අධාරකරුවන් පිරිසකට උපදෙස් ලබා දී ඇති බවත් අප වාර්තාකරු සඳහන් කරනවා.






Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories