අති සුඛෝපභෝගී බස් රථයක් ගිනි අරන්

Friday, 25 August 2023 - 8:24

%E0%B6%85%E0%B6%AD%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%9B%E0%B7%9D%E0%B6%B4%E0%B6%B7%E0%B7%9D%E0%B6%9C%E0%B7%93+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%BB%E0%B6%AE%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9C%E0%B7%92%E0%B6%B1%E0%B7%92+%E0%B6%85%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A
යාපනය හා කොළඹ අතර ධාවනය වන තවත් අති සුඛෝපභෝගී බස් රථයක් මීගමුව ප්‍රදේශයේදී ඊයේ (24) අලුයම ගිනිගෙන විනාශ වී ගොස් තිබෙනවා.

මීට මාස එකහමාරකට පමණ ඉහතදී ද මෙවැනිම බස් රථයක් පුත්තලම ප්‍රදේශයේදී ගිනි ගෙන සම්පූර්ණයෙන්ම විනාශ වී ගොස් තිබුණා.

මෙවර එම අති සුඛෝපභෝගී බස් රථය යාපනයේ සිට කටුනායක ගුවන් තොටුපළ දක්වා මගීන් 37 දෙනෙකු රැගෙන යමින් තිබියදී එම බස් රථය හදීසියේම ගිනි ගෙන ඇති බව පොලිසිය පවසනවා.

බස් රථයේ සිටි මගීන් වහා බේරාගෙන ඔවුන් වෙනත් වාහනවලින් ගුවන් තොටුපළ වෙත යැවීමට බස් රථයේ රියැදුරු හා කොන්දොස්තරවරයා ද ජනතාව ද පියවර ගත් බවයි වාර්තා වන්නේ.

මෙම හදිසි ගිනි ගැනීම නිසා මගීන්ට අනතුරක් සිදුව නොමැති අතර මගීන්ගේ භාණ්ඩ කීපයක් හා ගමන් මලු කීපයක් ගිනි ගෙන විනාශ වී ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසියට පැමිණිලි කිරීම්න් පසුව මීගමුව පොලිසිය මේ සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කරනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories